Image Not Found

My Pet Dinosaur (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි

“My Pet Dinosaur” (2017) කියන්නේ ගොඩක් දුරට “E.T.” ෆිල්ම් එක වගේ, හැබැයි ඒලියන් කෙනෙක් වෙනුවට ඩයිනසෝරයෙක් ඉන්න, හරිම ලස්සන පවුලේ චිත්‍රපටයක්.

මේක වෙන්නේ අමුතු, අභිරහස් ලෙඩ රෝගයක් පැතිරෙන පොඩි නගරයක. ජේක් (Jake) කියලා කොල්ලෙක් ඉන්නවා, එයාගෙ තාත්තත් මේ අමුතු ලෙඩේ නිසා නැතිවෙලා. දවසක් ජේක් එයාගෙ යාළුවොත් එක්ක කැලේ පැත්තක සෙල්ලම් කර කර ඉද්දි, එයාලට හරිම අමුතු ජාතියේ දිලිසෙන ‘ගූ’ වගයක් (slime) හම්බවෙනවා.

ජේක් මේකෙන් ටිකක් ගෙදර ගේනවා. ගෙදරදී අත්වැරදීමකින්, එයාගෙ අයියගෙ ප්‍රෝටීන් ෂේක් එකක් මේ අමුතු දේට වැටෙනවා. ඔන්න එතකොට තමයි වැඩේ වෙන්නේ. ඒ ‘ගූ’ එකෙන් පොඩි ඩයිනසෝර පැටියෙක් බිහිවෙනවා! ජේක් මෙයාට “මැග්නස්” කියලා නම දාලා, කාටත් හොරෙන් හංගගෙන හදනවා.

ප්‍රශ්නේ තියෙන්නේ, මැග්නස් හිතාගන්න බැරි වේගෙකින් ලොකු වෙනවා. නිකන්ම නෙවෙයි, දවසින් දවස මාරම විදිහට ලොකු වෙනවා. මේ අතරේ, කර්නල් රොඩ්රික් කියන හමුදා නිලධාරියා ප්‍රමුඛ කණ්ඩායමක් මේ සතාව අල්ලගන්න හොයනවා. ජේක්ටයි එයාගෙ යාළුවා ඇබීටයි (Abbie) පුළුවන් වෙයිද මැග්නස්ව මේ අයගෙන් බේරගන්න? ඇත්තටම නගරයේ පැතිරෙන ලෙඩේටයි මේ ඩයිනසෝරයටයි මොකක්හරි සම්බන්ධයක් තියෙනවද?

මේ චිත්‍රපටය ලියලා, අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මැට් ඩ්‍රමන්ඩ් (Matt Drummond). ප්‍රධාන චරිත වන ජේක් විදිහට ජෝර්ඩන් ඩුලියු (Jordan Dulieu) සහ ඇබී විදිහට ඇනබෙල් වුල්ෆ් (Annabel Wolfe) රඟපානවා.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.