Image Not Found

Naruto Shippûden: The Movie (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි

කතාව පටන් ගන්නේම භයානක අනාවැකියකින්. ඒ තමයි අපේ නරුටෝව මරණයට පත්වෙනවා කියලා පූජකවරියක් කියන එක.

පූජකවරියගේ නම ෂියෝන්. මේ ෂියෝන්ට බල දෙකක් තියෙනවා—එකක් තමයි ලෝකය විනාශ කරන්න එන යක්ෂයෙක්ව (Mōryō) මුද්‍රා තියන්න පුළුවන්කම, අනිත් එක තමයි මිනිසුන්ගේ මරණය කලින්ම කියන්න පුළුවන්කම.

දැන් නරුටෝට පැවරිලා තියෙන්නේ, ලෝක විනාශය වළක්වන්න පුළුවන් එකම කෙනා වන මේ ෂියෝන්ව ආරක්ෂා කරන එක.

නමුත්, ෂියෝන් අනාවැකියෙන් කියන්නේ, නරුටෝගේ මරණය ළඟදීම සිදුවෙනවා කියලා.
අනාවැකියෙන් බේරෙන්න නම් නරුටෝට සිද්ධ වෙන්නේ ෂියෝන්ව දාලා යන්න. හැබැයි එහෙම ගියොත්, ෂියෝන් අනාථ වෙනවා, යක්ෂයා ඇයව මරනවා, ඊටපස්සේ ලෝක විනාශය අනිවාර්යයි!

නරුටෝ මේ ඉරණම පිළිගනීද, නැත්නම් “මරණයේ අනාවැකියට” අභියෝග කරයිද? එයාට ෂියෝන්ව බේරගෙන තමන්ගේ ජීවිතයත් රැකගන්න පුළුවන් වෙයිද?
අන්න ඒක තමයි මේ චිත්‍රපටයේ තියෙන නියමම අභියෝගය! බලමු මොකද වෙන්නේ කියලා!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.