Image Not Found

Ne Zha (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි

කලබලකාරී ‘Chaos Pearl’ එක දෙවියන් විසින් කොටස් දෙකකට වෙන් කරනවා – එකක් ‘Spirit Pearl’, අනිත් එක විනාශකාරී ‘Demon Orb’. මේ ‘Demon Orb’ එකට ශාපයක් තියෙනවා, ඒක අවුරුදු තුනකින් අහසින් වැටෙන අකුණකින් විනාශ වෙනවා කියලා.

දෛවයේ සරදමකට වගේ, මේ ‘Demon Orb’ එක නෙ ෂා (Ne Zha) කියලා පොඩි කොල්ලෙක් විදියට චෙන්ටැන්ග්පාස් වල හමුදාපති ලි ජින්ගේ පුතා වෙලා ඉපදෙනවා. එයා ඉපදෙන්නේ යක්ෂයෙක්ගේ විනාශකාරී බලයත් අරගෙන. ඒ නිසා මුළු ගම්වාසීන්ම එයාට බයයි, වෛර කරනවා.

නෙ ෂාගේ දෙමවුපියෝ, එයාට ආදරය කළත්, එයාගේ යක්ෂ ගති පාලනය කරන්න හැම දෙයක්ම කරනවා. ඔහුට ඉන්න එකම යාළුවා තමයි ආඕ බිං (Ao Bing), එයා ‘Spirit Pearl’ එකේ බලයෙන් උපත ලබපු මකර කුමාරයෙක්.

දැන් තියෙන ප්‍රශ්නේ මේකයි: අවුරුදු තුන සම්පූර්ණ වෙන්න කිට්ටු වෙනකොට, නෙ ෂා තමන්ගේ විනාශකාරී ඉරණමට යටත් වෙලා, මුළු ලෝකෙම විනාශ කරන යක්ෂයෙක් වෙනවාද? එහෙම නැත්නම්, හැමෝම බියෙන් දකින මේ දරුවා වීරයෙක් වෙලා තමන්ගේ දෛවය වෙනස් කරගන්නවාද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.