
Night Hunter (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔයාලා අභිරහස් සහ මනෝවිද්‍යාත්මක තීව්‍රතාවයෙන් යුත් Thriller චිත්‍රපට බලන්න කැමති කෙනෙක් නම්, Night Hunter (2018) කියන්නේ අතහරින්නම නරක චිත්‍රපටයක්. මේ කතාව ගෙතෙන්නේ හරිම අමුතු විදියේ අපරාධකාරයෙක් වටා. නගරයේ සිදුවන දරුණු ගණයේ ස්ත්‍රී දූෂණ සහ පැහැරගැනීම් ගැන සොයන පොලිස් පරීක්ෂකයෙක් වන මාෂල්ට (Henry Cavill), දවසක් හරිම අමුතු විදියේ පුද්ගලයෙක් මුණගැහෙනවා.
කොහොම හරි මේ අපරාධකාරයාව කොටු කරගන්න පොලිසියට පුළුවන් වෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ එතනින් පස්සේ. මේ මිනිහව අත්අඩංගුවට ගත්තට පස්සේ තමයි නගරයේ තවත් දරුණු සිදුවීම් පෙළක් ආරම්භ වෙන්නේ. “එයා ඇතුළේ ඉද්දි කොහොමද එළියේ මෙහෙම දේවල් වෙන්නේ?” කියන ප්‍රශ්නය හැමෝටම මතු වෙනවා. ඒ වගේම මේ අපරාධකාරයා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, එයාට තියෙන්නේ හිතාගන්න බැරි විදියේ මානසික තත්ත්වයක්.
මේ අතරතුර විශ්‍රාමික විනිසුරුවරයෙක් (Ben Kingsley) තමන්ගේම ක්‍රමයකට මේ වැරදිකාරයන්ට දඬුවම් දෙන්න උත්සාහ කරනවා. පොලිසියට කොටු වුණු මේ පුද්ගලයා ඇත්තටම කවුද? එයා ගහන ගේම් එක මොකක්ද? මුළු නගරයම භීතියට පත් කරපු මේ මහා මොළකරු නීතියට කොටු වෙයිද? අවසානය වෙනකම්ම කුතුහලය පිරුණු මේ නිර්මාණය, හෙඩ්ෆෝන් දෙකක් දාගෙන තනිවම බලන්න පුළුවන් සුපිරිම චිත්‍රපටයක්. රංගනයෙන් හෙන්රි කැවිල්ගේ සුපිරි දස්කම් මේකේ බලාගන්න පුළුවන්.
