Image Not Found

Oceans Rising (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි

හිතන්න, ජෝෂ් කියලා සයන්ස් දන්න හාදයෙක් ඉන්නවා. පොර එක දවසක් ලොකු අනාවැකියක් කියනවා. “ලෝකේ චුම්බක ක්ෂේත්‍රය අවුල් වෙලා, මුළු ලෝකෙම වතුරෙන් යටවෙන්නයි යන්නේ!” කියලා පොර කෑ ගහලා කිව්වා.

ඒත් කවුරුත් ඒක ගණන් ගත්තද? නෑ. ලොකු ලොකු නිලධාරීන් විතරක් නෙවෙයි, එයාගේ වයිෆ් පෑම් පවා ඒක විහිළුවට ගත්තා.
මේ සිද්ධියෙන් ජෝෂ් හොඳටම අප්සට් වෙනවා. එයා රස්සාවෙනුත් අස්වෙලා, වයිෆ්වත් දාලා යන්නම යනවා.

කාලය ගෙවිලා අවුරුදු තුනක් යනවා.
දැන් තමා කතාවේ නියම හරිය පටන් ගන්නේ. අර ජෝෂ් කියපු දේ අකුරටම වෙන්න පටන් අරන්. අයිස් කඳු දියවෙලා, මුහුද අහස උසට ගොඩ ගලනවා. ලෝක විනාශය ඇස් පනාපිටම පේනවා.

අර එදා හිනාවුණු වයිෆ්, පෑම්, දැන් බයේ ගැහි ගැහී ජෝෂ්ව හොයාගෙන එනවා. එයා එනකොට, ජෝෂ් ඉන්නේ ලෝක විනාශෙන් බේරෙන්න ලොකු බෝට්ටුවක් හදාගෙන. එයාලා හම්බවෙනවත් එක්කම, යෝධ සුනාමියක් කඩාගෙන වදිනවා.

දෙන්නා යන්තම් අර බෝට්ටුවට නැගලා බේරෙනවා. වතුරෙන් යටවුණු ලෝකේ පාවෙලා යද්දී, එයාලා තවත් බේරුණු කට්ටියක් බෝට්ටුවට එකතු කරගන්නවා. ඒත් පොඩි ඉඩක ගොඩක් අය ඉන්නකොට ප්‍රශ්න පටන් ගන්නවා.

ඒත් ජෝෂ්ගේ ඔළුවේ තියෙන්නේ වෙනම ගේම් එකක්. එයාට ඕනේ මේ විනාශය නතර කරන්න. එයාගේ ප්ලෑන් එක තමයි, ලෝකේ චුම්බක ක්ෂේත්‍රය ආයෙත් “රි-ස්ටාර්ට්” කරන එක.
ඒත් කොහොමද? එයාගේ ප්ලෑන් එක ඇහුවොත් ඔයත් හිනාවෙයි. එයාට ඕනේ පොඩි “බ්ලැක් හෝල්” දෙකක් හදන්න! මේ පිස්සු වැඩේ කරලා ලෝකේ බේරගන්න එයාට පුළුවන් වෙයිද? නැත්නම් හැමෝම වතුරේම ගිලිලා යයිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.