
One Piece: Strong World (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ස්ට්‍රෝ හැට් කට්ටියට ආරංචියක් එනවා එයාලගේ ගම්බිම් තියෙන ‘ඊස්ට් බ්ලූ’ මුහුදට ලොකු විනාශයක් වෙන්නයි යන්නේ කියලා. මේ ගැන හොයන ගමන් එයාලට අහසින් යන අමුතු පාවෙන දූපත් වගයක් හම්බවෙනවා. හරියටම ඒ වෙලාවේ, එයාලට මහා කෙරුමෙක්ව මුණගැහෙනවා. මේ තමයි ‘ගෝල්ඩන් ලයන්’ ෂිකී.
ෂිකී කියන්නේ ගෝල්ඩ් රොජර්ගේ කාලේ මුළු ලෝකෙම හොල්ලපු, හිරෙන් පැනගත්ත භයානක පයිරේට් කෙනෙක්.
ෂිකී දකිනවා නාමිට තියෙන පුදුම හැකියාව. ඒ කියන්නේ, මේ පාවෙන දූපත් වල තියෙන දරුණු කාලගුණය ගැන හරියටම කියන්න නාමිට පුළුවන්. ෂිකීට නාමිව එයාගේ නැවිගේටර් විදිහට ඕන වෙනවා. ඌ එකපාරටම නාමිව පැහැරගන්නවා. ඊටපස්සේ ලුෆීවයි, අනිත් කට්ටියවයි ඒ පාවෙන දූපත් වල එක එක පැතිවලට විසිකරලා දානවා.
මේ දූපත් පට්ට භයානකයි. එහේ ඉන්නේ ෂිකී එයාගේ පරීක්ෂණ වලින් හදපු අමුතු, දරුණු විකෘති වෙච්ච සත්තු (IQ ඇනිමල්ස්). ෂිකීගේ නියම ප්ලෑන් එක තමයි, මේ සත්තු රංචුව ‘ඊස්ට් බ්ලූ’ එකට යවලා ඒක සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන එක.
දැන් ලුෆීයි සෙට් එකයි වෙන්වෙලා. නාමි ඉන්නේ ෂිකී ගාව. එයාලට නාමිව බේරගෙන, ඊස්ට් බ්ලූ එකත් බේරගන්න පුළුවන් වෙයිද? ෂිකී කියන්නේ ලේසි පොරක් නම් නෙවෙයි.
