Image Not Found

‘Only the Brave’ කියන්නේ ඇත්තටම වුණු සිදුවීමක් ඇසුරෙන් හදපු, හදවතට දැනෙන කතාවක්.

මේක ඇරිසෝනා ප්‍රාන්තයේ Prescott නගරයේ හිටපු වීර කණ්ඩායමක් ගැනයි. ඔවුන් තමයි “Granite Mountain Hotshots” කියන ප්‍රභූ ගිනි නිවන කණ්ඩායම.

කතාවේ ප්‍රධාන අවධානය යොමු වෙන්නේ නායකයා වෙන එරික් මාෂ් (Eric Marsh) සහ අලුතෙන් කණ්ඩායමට එකතු වෙන, එතෙක් අවුල් සහගත ජීවිතයක් ගත කරපු බ්‍රෙන්ඩන් මැක්ඩෝනා (Brendan McDonough) කියන දෙන්නා වටා. බ්‍රෙන්ඩන් තමන්ගේ දරුවා වෙනුවෙන් හොඳ මනුස්සයෙක් වෙන්න දරන උත්සාහය මේකට තවත් ගැඹුරක් එක් කරනවා.

මුලින්ම ප්‍රාදේශීය ගිනි නිවන කණ්ඩායමක් විදිහට වැඩ කරපු මෙයාලා, අන්තිමට රටේම පිළිගත් “Hotshot” කණ්ඩායමක් බවට පත් වෙන්න පුදුම විදිහේ පුහුණුවීම් කරනවා. ඒ වගේම එකිනෙකාට උදව් කරගෙන, පවුලක් වගේ එකට වැඩ කරන හැටි අපිට බලාගන්න පුළුවන්.
මේ චිත්‍රපටයේ ගොඩක්ම පෙන්නන්නේ ලොකු ලොකු ලැව් ගිනි මැද්දේ මෙයාලා කරන පුදුම විදිහේ කැපකිරීම් සහ එයාලගේ පෞද්ගලික ජීවිතේ අභියෝග.

නමුත් මේ වීර කණ්ඩායමේ කතාවේ අවසානය ඉතාම සංවේදීයි. 2013 දී යර්නෙල් හිල් (Yarnell Hill) කියන ප්‍රදේශයේ ඇතිවුණු දරුණුම ලැව් ගින්නට මුහුණ දෙන මෙයාලට සිද්ධ වෙන්නේ නොහිතපු විදිහේ ඛේදනීය ඉරණමකට. ඒ දවස මෙයාලාට විතරක් නෙවෙයි, මුළු ඇමෙරිකාවටම කඳුළු උනපු අමතක නොවන දවසක්!

දැන් බලන්නකෝ මේ අයගේ වීරත්වය, කැපවීම සහ අවසාන මොහොතේ ගත්ත තීරණ මොන වගේද කියලා… ඇත්තටම හිතට වදින කතාවක්!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.