
Operation Red Sea (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි
හිතන්නකෝ, යේමනයේ දරුණු සිවිල් යුද්ධයක් එකපාරටම පටන් ගන්නවා. හැමතැනම අවුල්, වෙඩි සද්ද, බෝම්බ. මේ කලබලය මැද චීන ජාතිකයන් විශාල පිරිසක් රට ඇතුළේ හිරවෙනවා. එයාලව එතනින් එළියට ගන්න එක තමයි චීන නාවික හමුදාවේ එලයිට් කොමාන්ඩෝ කණ්ඩායමක් වන “ජියාඕලෝන්ග්” (Jiaolong) ටීම් එකට පැවරෙන පළමු රාජකාරිය.
මුලින්ම බැලුවම මේක නිකන් මිනිස්සු ටිකක් බේරගන්න යන සාමාන්‍ය මෙහෙයුමක් වගේ පෙනුනට, කතාව සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකට පෙරළෙනවා.
සීන් එකට එන්ටර් වෙන්නේ චීන-ප්‍රංශ මාධ්‍යවේදිනියක්. එයාට තොරතුරක් ලැබෙනවා, මේ යුද්ධය අස්සේ ත්‍රස්තවාදී කල්ලියක් න්‍යෂ්ටික බෝම්බ හදන්න පාවිච්චි කරන “යෙලෝකේක්” (Yellowcake) කියන භයානක ද්‍රව්‍යයක් හොයනවා කියලා.
දැන් “ජියාඕලෝන්ග්” ටීම් එකට තියෙන්නේ ද්විත්ව අභියෝගයක්. තමන්ගේ රටේ මිනිස්සුන්ව බේරගන්නත් ඕනේ, ඒ අතරෙම මුළු ලෝකෙටම විනාශයක් ගේන්න පුළුවන් මේ ත්‍රස්තවාදී සැලැස්ම නවත්වන්නත් ඕනේ.
මේක නිකන් “හීරෝ” ඇවිත් හැමෝම බේරගෙන යන කතාවක් නෙවෙයි. සතුරු භූමියක, හිතාගන්න බැරි තරම් දරුණු සටන් මැද්දේ, තමන්ගේ සගයන්ව නැතිවෙද්දී, මේ පොඩි කණ්ඩායම කොහොමද මේ දැවැන්ත සටන ජය ගන්නේ? “Operation Red Sea” කියන්නේ හුස්ම ගන්නවත් වෙලාවක් නැති, යුද්ධයේ නියම කුරිරු බව පෙන්වන සුපිරි ඇක්ෂන් කතාවක්.
