
Operation Seawolf (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි
දෙවන ලෝක යුද්ධ තේමාව කරගත් චිත්‍රපට බලන්න ආස අයට Operation Seawolf (2022) කියන්නේ වෙනස්ම විදියේ අත්දැකීමක්. කතාව සිද්ධ වෙන්නේ දෙවන ලෝක යුද්ධයේ අවසාන භාගයේදී. ජර්මානු නාසි හමුදාව සටනින් පරාජය වීමට ආසන්නවයි ඉන්නේ. ඒත් එයාලා ලේසියෙන් ගේම අතහැරින්න ලෑස්ති නැහැ.
ජර්මානු නාවික හමුදාව තීරණය කරනවා තමන්ගේ අන්තිම රහසිගත ආයුධය පාවිච්චි කරන්න. ඒ තමයි එයාලගේ සබ්මැරීන් හෙවත් U-Boats. එයාලා “Operation Seawolf” කියලා නම දාපු අතිශය භයානක මිෂන් එකක් පටන් ගන්නවා. මේ මිෂන් එකේ අරමුණ තමයි ඇමෙරිකානු මව්බිමට සෘජුවම පහර දීලා මුළු යුද්ධයේම ගමන් මග කඩුපිට පෙරළන එක.
මේ අභියෝගාත්මක මිෂන් එක මෙහෙයවන්න භාර වෙන්නේ ප්‍රවීණ නායකයෙක් වෙන කැප්ටන් හාන්ස් කෙස්ලර්ට (Hans Kessler). මුහුද යට සිද්ධ වෙන මේ මාරාන්තික සටනින් ජර්මානු හමුදාවට තමන්ගේ ඉලක්කය කරා යන්න පුළුවන් වෙයිද? නැත්නම් මිත්‍ර පාක්ෂික හමුදාවන් මේ භයානක සැලසුම ව්‍යර්ථ කරයිද?
ගැඹුරු මුහුද යට සිදුවන මාරාන්තික මෙහෙයුමක තිගැස්ම සහ කුතුහලය උපරිමයෙන්ම විඳගන්න මේ චිත්‍රපටය නරඹන්නම ඕන.
