Image Not Found

Outlaw King (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේ කතාව රොබට් ද බෲස් (Robert the Bruce) ගැන. ඔයා දන්නවනේ විලියම් වොලස්ගේ (William Wallace) පරාජයෙන් පස්සේ ස්කොට්ලන්තයේ ඉරණම මොකද වුණේ කියලා.

කතාව පටන් ගන්නේ එංගලන්තේ රජු වන පළමුවැනි එඩ්වඩ් (Edward I) ට යටත් වෙලා ඉන්න ස්කොට්ලන්තේ වංශවතුන් පිරිසක් එක්ක. මේ අය අතරේ රොබට් ද බෲසුත් ඉන්නවා. හැබැයි රටට නිදහසක් නැති එක ගැන රොබට්ගේ හිතේ තිබුණේ ලොකු කළකිරීමක්.
ඔය අතරේ විලියම් වොලස්ව අල්ලගෙන දඬුවම් දෙනවා. මේ සිදුවීමත් එක්ක රොබට් ද බෲස්ගේ ඉවසීම නැතිවෙලා යනවා.

එයා තීරණය කරනවා මේ පීඩනයට එරෙහිව නැගී සිටින්න. ඉතින් එයා ස්කොට්ලන්තේ රජු විදියට තමන්වම ප්‍රකාශයට පත් කරගන්නවා. හැබැයි එයාට තමන්ගේම අයගෙන් එන විරෝධතා මැද, එංගලන්තේ බලවත් රජුට සහ එයාගේ කුමාරයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
රජුට මුළු රටෙන්ම ද්‍රෝහියෙක් විදියට නම් කරලා, එයාට පලා යන්න වෙනවා. දේපළ, පවුලේ අය හැමදේම නැතිවෙලා යනවා.

දැන් එයාට ඉතුරු වෙලා තියෙන්නේ විශ්වාසවන්ත සෙබළුන් ටිකක් විතරයි. ඔවුන් එක්ක තමයි එයා කැලෑ, කඳු අතරේ සැඟවිලා ඉඳන් එංගලන්ත හමුදාවට රහසිගතව පහර දෙන්න පටන් ගන්නේ.

මේ විදියට, පරාජිත වංශාධිපතියෙක් වුණ රොබට් ද බෲස්, ස්කොට්ලන්තේ නිදහස වෙනුවෙන් සටන් කරන කැරලිකාර වීරයෙක් (Outlaw Hero) බවට හැරෙන්නේ කොහොමද කියන එක තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. එයාට මේ අතිවිශාල බලවේගයට එරෙහිව ජයගන්න පුළුවන් වෙයිද? බලන්නම ඕන කතාවක්!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.