Image Not Found

Outpost (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි

වෙළඳ සමාගමක් වෙනුවෙන් වැඩ කරන අමුතු ව්‍යාපාරිකයෙක් (Hunt) හිටපු සොල්දාදුවන් කණ්ඩායමක් කුලියට ගන්නවා. මේ අය පට්ටම දක්ෂ, යුද්ධ අත්දැකීම් තියෙන බළකායක්.

මුන්ගේ වැඩේ තමයි, නැගෙනහිර යුරෝපයේ, යුද්ධ කලාපයක් මැද්දේ තියෙන පරණ හමුදා බංකරයක් (Outpost) හොයාගෙන ගිහින් ඒ මනුස්සයාට ආරක්ෂාව සපයන එක. ඒත් ඇත්තටම මේක යන්නේ ‘ඛනිජ සම්පත්’ හොයන්න කියලා තමයි මුලින් කියන්නේ.

ගිහින් බැලින්නම් ඒක පරණ නාසි බංකරයක්. ඇතුළට ගියාට පස්සේ බැලුම් බලා, මුන්ට හම්බවෙන්නේ මළ සිරුරු ගොඩක් සහ කථා කරන්න බැරි, අමුතු විදිහේ ජීවත්ව ඉන්න මිනිහෙක්. ඒ වගේම, නාසීන්ගේ ලාංඡන තියෙන රහස් කාමර, පරීක්ෂණාගාර එහෙමත් හම්බ වෙනවා.

ටිකෙන් ටික තමයි අර ව්‍යාපාරිකයාගේ ඇත්ත අරමුණ එළියට එන්නේ. මේකේ තිබිලා තියෙන්නේ නාසීන් රහසේම කරපු, භෞතික යථාර්ථය පවා වෙනස් කරන්න පුළුවන් කියන විද්‍යාත්මක පරීක්ෂණයක්. ඒකෙන් හදන්න හදලා තියෙන්නේ පරාජය කරන්න බැරි, අමරණීය සෙබළුන් කණ්ඩායමක්!

දැන් ඒ බංකරය ඇතුලේ, අමනුෂ්‍ය විදිහේ නාසි සොල්දාදුවන් කණ්ඩායමක් සැරිසරනවා. මේ කුලී හේවායන්ට සිද්ධ වෙන්නේ පණ බේරගන්න අර අද්භූත නාසි සෙබළුන් එක්ක සටන් කරන්න. හැබැයි මේ අයව නවත්තන එක ලේසි වෙයිද?

ඒ බංකරය ඇතුළේ ඇත්තටම මොකද වුණේ? ඒ යන්ත්‍රයෙන් වෙන්නේ මොකක්ද? මේ කුලී හේවායන්ට ආපහු එළියට එන්න පුළුවන් වෙයිද? ඔතනයි කතාවේ තියෙන මරුම ටික.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.