
Oxygen (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි
හිතන්නකෝ ඔයාට එකපාරටම ඇහැරෙනවා. ඇස් ඇරලා බලද්දී ඔයා ඉන්නේ මොකක්ද මන්දා හයි-ටෙක් පෙට්ටියක්, නැත්නම් පෝඩ් (pod) එකක් ඇතුළේ. ඇඟ හොල්ලන්නවත් හරියට ඉඩ නෑ.
ඔයා කවුද? ඔයා කොහෙද ඉන්නේ? ඔයාට මේකට වැටුනේ කොහොමද? කිසිම දෙයක් මතක නෑ. ඔළුව සම්පූර්ණයෙන්ම හිස්.
මේ පෙට්ටිය ඇතුළේ ඔයා තනිවෙලා. ඔයාට කතා කරන්න, උදව්වක් ඉල්ලගන්න ඉන්නේ ‘මිලෝ’ (M.I.L.O.) කියලා කෘත්‍රිම බුද්ධියක් (AI) විතරයි.
ලොකුම භය හිතෙන, පපුව ගැහෙන දේ තමයි, පෙට්ටියේ ඔක්සිජන් වේගෙන් අඩු වෙනවා. කවුන්ට්ඩවුන් එකක් දුවනවා. තව පැයයි, විනාඩි ගාණයි. තව ටිකකින් හුස්ම ඉවරයි.
දැන් තියෙන මේ චුට්ට වෙලාවෙන්, එළියට යන්න විදිහක් හොයාගන්නම ඕනේ. ඒකට තියෙන එකම පාර තමයි එයාගේ මතකය ආපහු අවුස්සගන්න එක.
එයා AI එකෙන් ප්‍රශ්න අහනවා. එයාට ටික ටික එයාගේ ජීවිතේ කෑලි මතක් වෙන්න ගන්නවා. මහත්තයෙක්… ලැබ් එකක්… ඒත් මේ මතක ඇත්ත ඒවාද?
එයා හිතාගෙන ඉන්නේ එයා පොළොවේ, කොහේහරි වැළලිලා කියලා. ඒත් එයා ඇත්තටම ඉන්නේ කොහෙද? එයා ඇත්තටම හිතන කෙනාද? ඔක්සිජන් ඉවර වෙන්න කලින් මේ මාරාන්තික අභිරහස විසඳගන්න එයාට පුළුවන් වෙයිද?
