Image Not Found

Paid in Full (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේ චිත්‍රපටියෙන් කියන්නේ 80 දශකයේ හාර්ලම් වල හිටපු, ඇත්ත චරිත තුනක් පදනම් කරගත්තු කතාවක්.

ප්‍රධාන චරිතේ තමයි ඒස් (Ace). ඌ මුලින් ඉන්නේ ඩ්‍රයි ක්ලීනින්ග් (dry cleaning) කඩේක සාමාන්‍ය ජොබ් එකක් කරන සිම්පල් කොල්ලෙක් විදියට. එත් ඌ වටේ ඉන්න එවුන්, විශේෂයෙන්ම ඌගේ යාළුවා මිච් (Mitch), අතේ සල්ලි ගැවසෙන, එලෙසටම ජිවත් වෙන ඩීලර්ලා.

ඔහොම ඉන්නකොට, අනපේක්ෂිත විදියට ඒස්ට කොකේන් ටිකක් අහුවෙනවා. එතනින් තමයි ඌගේ මුළු ජිවිතේම උඩුයටිකුරු වෙන්නේ.

ඌ හිතනවා මේක ලේසි සල්ලි හම්බකරන්න තියෙන ෆන් ගේම් එකක් කියලා. ඌට මිචුයි, අලුතින් සෙට් වෙන රිකෝයි (Rico) එකතුවෙලා, හාර්ලම් වල බිස්නස් එක අල්ලගන්නවා. උන් තුන්දෙනා ටික කලකින්ම “කෝටිපතියෝ” වගේ වෙනවා.

ඒත්… ඉක්මනට හම්බකරන සල්ලි එක්කම ලොකු ප්‍රශ්නත් එනවනේ. මේ සෙල්ලම ඔහොම සදහටම යයිද?

යාළුවෝ අතරම ඇතිවෙන තරඟ, ඊරිසියාව, ද්‍රෝහිකම්, ඊටත් වඩා භයානක දේවල් ඒස් ගේ ජිවිතේට එනවා. ඌට තේරෙනවා මේ “ගේම්” එකෙන් පැනලා යන්න ලේසි නැහැ කියලා.
අන්තිමට ඒස්ට හැමදේම ගෙවලා (“Paid in Full”) මේ ගේම් එකෙන් එළියට යන්න පුළුවන් වෙයිද? නැත්නම් හැමදේම අහිමි වෙයිද? බලන්න එතකොට!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.