
Paradise Z (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි | සොම්බි වසංගතය මැද සුඛෝපභෝගී හෝටලයක සිරවුණු තරුණියන් දෙදෙනා
ලෝකයම ලොකු වසංගතයකට අහුවෙලා කියලා හිතන්නකෝ. හැමතැනම සොම්බිලා (Zombies). ඒත් ඔබ ඉන්නේ ලස්සනම ලස්සන රිසෝට් එකක නම්? පාරාදීසයක් වගේ තැනක ජීවත් වෙන්න ලැබුණත් ඒක ඇතුළේ ජීවිතය බේරගන්න සටන් කරන්න වුණොත්? අන්න ඒ වගේ කතාවක් තමයි පාරාඩයිස් Z (Paradise Z) කියන්නේ.
කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි සිල්වියා (Sylvia) සහ රෝස් (Rose). මේ දෙන්නා වටපිටාවේ වෙන කිසිම දෙයක් ගැන ලොකු අවබෝධයක් නැතිව සුඛෝපභෝගී හෝටලයකට වෙලා හැංගිලා ඉන්නවා. හැබැයි දවසින් දවස කෑම බීම ඉවර වෙනකොට, වටපිටාව දරුණු වෙනකොට ඔවුන්ට තේරෙනවා මේ ලස්සන හෝටලය දැන් ඔවුන්ගේ හිරගෙයක් වෙලා කියලා. ඔවුන්ට සිද්ධ වෙනවා සොම්බි රංචු මැදින් පණ බේරගෙන පලා යන්න ක්‍රමයක් හොයාගන්න. මේකේ තියෙන කුතුහලය තමයි, ඔවුන් කොහොමද මේ මර උගුලෙන් ගැලවෙන්නේ කියන එක. අවසානය මොකක් වෙයිද කියලා හිතාගන්නවත් බැහැ.
අධ්‍යක්ෂණය (Director): Wych Kaosayananda
ප්‍රධාන නළු නිළියන් (Cast): Milena Gorum, Alice Tantayanon, Brian Rolfe
