Image Not Found

Paradox (Saat Po Long: Taam Long) (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඔයාලා මාරම ලෙවල් එකේ ඇක්ෂන් සහ කුතුහලය පිරුණු චිත්‍රපට වලට ආස නම්, හොංකොං වලින් ආපු මේ “Paradox” එක නියම තේරීමක්. මේක “SPL” ෆිල්ම් සීරීස් එකේම කොටසක් විදිහටයි එන්නේ. කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ලී (Lee) කියන දක්ෂ පොලිස් නිලධාරියා. ලී ගේ දුව තායිලන්තයේ සංචාරයකට ගිහින් ඉන්න අතරතුර එකපාරටම අතුරුදන් වෙනවා. ඉතින් තාත්තා කෙනෙක් විදිහට ලී ට ඉවසිල්ලක් නැහැ. එයා කෙලින්ම තායිලන්තයට යනවා තමන්ගේ දුවව හොයාගෙන.

එහේ ගියාම තමයි ලීට තේරෙන්නේ මේක නිකන්ම අතුරුදන් වීමක් නෙවෙයි, මේ පිටුපස මාරම බයානක රහසක් තියෙනවා කියලා. තායිලන්තයේ ඉන්න දූෂිත පොලිස් නිලධාරීන් සහ ඉන්ද්‍රිය ජාවාරම් කරන ලොකු කල්ලියක් මේකට සම්බන්ධයි. ලී ට උදව්වට ඉන්නේ එහේ ඉන්න අවංක පොලිස් නිලධාරීන් දෙන්නෙක් විතරයි. හැබැයි මේ ගමන හිතන තරම් ලේසි වෙන්නේ නැහැ.

මේ ෆිල්ම් එකේ තියෙන ඇක්ෂන් දර්ශන හරිම තාත්විකයි. තමන්ගේ දුව පණපිටින් ඉන්නවද නැද්ද කියන සැකය හැම වෙලාවකම ඔයාලගේ හිතේ තියෙයි. කාලයත් එක්ක ලොකු සටනක් කරන්න ලී ට සිද්ධ වෙනවා. අවසානයේ ලී ට තමන්ගේ දුවව බේරගන්න පුළුවන් වෙයිද? නැත්නම් මේක දේශපාලන කුමන්ත්‍රණයකට බිලිවෙලා අවසන් වෙයිද? ඒ කුතුහලය ඉතුරු කරගෙනම මේ ෆිල්ම් එක බලන්න කියලා මම ආරාධනා කරනවා. ඇත්තටම හිතට දැනෙන අවසානයක් මේකේ තියෙනවා.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download
📥 Direct download
online watch
watch