Image Not Found

Paranormal Activity: Next of Kin (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

දැන් මේ ෆිල්ම් එකේ ඉන්නවා මාර්ගොට් කියලා කෙල්ලෙක්. එයා පොඩි කාලෙදිම රෝහලක් ළඟ දාලා ගිහින් තිබ්බෙ එයාගෙ අම්මා. ඉතින් මාර්ගොට් ට ඕන වෙනවා එයාගෙ අතීතය ගැන, අම්මා ගැන හොයන්න.

එයා මේකට ඇමිෂ් (Amish) කියලා හඳුන්වන, ලෝකයෙන් වෙන්වෙලා ජීවත්වෙන අමුතුම මිනිස්සු ටිකක් ඉන්න ප්‍රජාවක් වෙත යනවා. ඒ ගමන ගැන ඩොකියුමන්ට්‍රියක් හදන්න එයාගෙ යාළුවෝ දෙන්නෙකුත් එක්ක යනවා.
හැබැයි, මේ නිස්කලංක, හිමෙන් වැසුණු ගොවිපොළ ඇතුළේ අමුතු රහස් ගොඩක් හැංගිලා තියෙනවා.

මාර්ගොට් ට දැනගන්න ලැබෙනවා එයාගෙ අම්මා ගැන, එයාලා මේ හැංගිලා ඉන්න ප්‍රජාව ගැන. මොකද මේ මිනිස්සු රෑට කරන්නේ? ඇයි මේ ගොවිපළේ හැමතැනම රහස් දොරවල් තියෙන්නේ? ළඟ තියෙන පරණ පල්ලියට ඇතුල් වෙන්නවත් දෙන්නෙ නැත්තෙ ඇයි?

යන තැනක කැමරාවකුත් අරගෙන යන මාර්ගොට් ටිකෙන් ටික හොයාගන්නවා… මේක තනිකරම යක්ශයෙක් සම්බන්ධ භයානක කුමන්ත්‍රණයක්! එයාලගේ රුධිර පෙළපතට සම්බන්ධ මේ අඳුරු රහසින් මාර්ගොට් බේරෙයිද? නැත්නම් එයාටත් මේ ප්‍රජාවෙ අනිත් අයට වුණ දේම වෙයිද?
අන්තිම ටික නම් මාරම භයානකයි! බලන්නකෝ, නිකං ඉන්න හිතෙන්නෙ නෑ!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct video download and online viewing
📥 Direct download