
Paydirt (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි
‘ඩේමියන් බෲක්ස්’, එහෙමත් නැත්නම් ‘ද බ්‍රිට්’ (The Brit) කියන්නේ නම ගිය අපරාධ කල්ලි නායකයෙක්.
අවුරුදු ගාණකට කලින් වුන වැරදී ගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීමකදී එයා අසු වුනත්, සිර දඬුවම් විඳලා දැන් නිදහස් වෙලා එන්නේ.
ඒත් ඩේමියන්ගේ ඔළුවේ තියෙන්නේ වෙනමම ගේමක්. අවුරුදු දහයකට කලින්, ඒ අසු වීමත් එක්ක අතුරුදහන් වුන සල්ලි තොගය. ඒක එයාගේ කට්ටිය හොර රහසේ වළදාලා තිබ්බ සල්ලි.
දැන් ඩේමියන් ආයෙත් එයාගේ පරණ යාළුවෝ ටික එකතු කරගෙන යනවා ඒ සල්ලි හොයාගෙන. හැබැයි මේ ගමන එයාට ලේසි වෙන්නේ නැහැ.
අවුරුදු ගාණක් තිස්සේ ඩේමියන්ව අල්ලගන්න බැරුව අසාර්ථක වුන, විශ්‍රාම ගිය ෂෙරිෆ් ‘ටකර්’ (Sheriff Tucker) තාමත් ඩේමියන් පස්සෙන් එනවා. එයා මේ කල්ලිය කරන හැම දේම බලාගෙන ඉන්නේ, මේ පාරවත් ඩේමියන්ව කොටු කරගන්න.
ඒ විතරක් නෙවෙයි… සල්ලි නැති වුන කාටෙල් එකත් හොයනවා මේ සල්ලි තොගය කොහෙද කියලා.
ඉතිං, ඩේමියන්ට පුළුවන් වෙයිද මේ හැමෝම මඟහැරලා, වළදාලා තියෙන අතිවිශාල වස්තුව ආපහු ගන්න? ටකර්ට පුළුවන් වෙයිද ඩේමියන්ව අල්ලගෙන, එයාගේ ගෞරවය ආයෙත් දිනාගන්න? මේ හැමෝම ලුහුබඳින සල්ලි තොගය කාට හිමි වෙයිද?
