
Peter Pan (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මෙන්න මේ ප්‍රශ්නයට තමයි, හැමදාම පොඩි කොලුකාරයෙක් විදියට ඉන්න කැමති පීටර් පෑන්, ලන්ඩනයේ ජීවත් වෙන වෙන්ඩි ඩාර්ලින්ව හම්බවෙන්න එන්නේ. පීටර්ගේ නැති වුණු හෙවණැල්ල හොයන්න වෙන්ඩි උදව් කරනවා. ඒ කරලා පීටර් මොකද කරන්නේ? වෙන්ඩි සහ එයාගේ සහෝදරයන් දෙන්නව නෙවර්ලන්ඩ් කියන ඉන්ද්‍රජාලික දූපතට එක්ක යනවා. එහේ තමයි හැමදාටම සෙල්ලම් කරන “Lost Boys”ලා ඉන්නේ.
නෙවර්ලන්ඩ් කියන්නේ මිරිඟු වගේ ලස්සන තැනක් වුණාට, එහේ ඉන්නවා පීටර්ගේ සදාකාලික සතුරා, දරුණු කපිතාන් හුක්! හුක්ගේ එක අතක් නැති කළේ පීටර්. ඉතින් හුක්ට ඕන කොහොම හරි පීටර්ගෙන් පළිගන්න.
නෙවර්ලන්ඩ් දූපතේදී, වෙන්ඩිට සිද්ධ වෙනවා කපිතාන් හුක්ගේ බියජනක තර්ජනවලට මුහුණ දෙන්න. ඒ අතරේ තමයි, “ලොකු නොවන” පීටර්ට වෙන්ඩි ගැන ඇතිවෙන නොසන්සුන් හැඟීම් එක්ක, තවත් අමුතු සටනක් ඇතිවෙන්නේ. අවසානයේදී, නෙවර්ලන්ඩ්ගේ මායාවෙන් මිදිලා ආපහු ගෙදර යන්න වෙන්ඩි තීරණය කරයිද?
පීටර් පෑන් සහ කපිතාන් හුක් අතර සිදුවන උණුසුම් සටන මොන විදියට ඉවර වෙයිද? ගිහින් බලන්න!
