
Polaroid (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි
හිතන්නකෝ, ඔයාට පරණ, ඇන්ටික් පෙනුමක් තියෙන පොලරොයිඩ් කැමරාවක් හම්බවෙනවා කියලා. නියමයි නේද? මේ කතාවේ ඉන්න බර්ඩ් (Bird) කියන උසස් පෙළ ශිෂ්යාවටත් ඔන්න ඔහොම පරණ කැමරාවක් හම්බවෙනවා. එයා ඉතින් නොදැනුවත්කමින් යාළුවන්ගේ එහෙම ෆොටෝ ගන්නවා.
හැබැයි, ප්රශ්නේ පටන් ගන්නේ එතනින්. මේක නිකම්ම නිකම් කැමරාවක් නෙවෙයි. මේක ‘ශාපලත්’ එකක්.
මේ කැමරාවෙන් කාගේ හරි ෆොටෝ එකක් ගත්තොත්, ඒ ෆොටෝ එකේ ඉන්න කෙනා පස්සෙන් අඳුරු, අද්භූත ‘හෙවනැල්ලක්’ පන්නන්න පටන් ගන්නවා. ඒක ඒ කෙනාව අතාරින්නෙම නෑ. අන්තිමට, ඒ හෙවනැල්ල කොහොමහරි ඒ කෙනාව මරලා දානවා.
දැන් බර්ඩ්ටයි එයාගේ යාළුවන්ටයි තේරෙනවා එයාලත් ලොකු අමාරුවක වැටිලා කියලා. මොකද, එයාලා හැමෝම එකට ඉන්න ගෘප් ෆොටෝ එකකුත් මේ කැමරාවෙන් අරගෙන ඉවරයි. දැන් මේ හෙවනැල්ල එයාලා පස්සෙන් එකා පිට එකා එනවා. එයාලා මැරෙන්න කලින් මේ කැමරාවේ තියෙන අඳුරු රහස හොයාගන්න ඕනේ. එයාලට මේක නවත්තන්න පුළුවන් වෙයිද?
මේ ෆිල්ම් එක අධ්යක්ෂණය කරලා තියෙන්නේ ලාස් ක්ලෙව්බර්ග් (Lars Klevberg). ප්රධාන චරිත විදිහට කැත්රින් ප්රෙස්කොට් (Kathryn Prescott) (බර්ඩ්) එක්ක ටයිලර් යන්ග් (Tyler Young) වගේ අය රඟපානවා. ඔයා හොරර් ෆිල්ම් වලට කැමති නම් මේක හොඳ අත්දැකීමක් වෙයි.
