Image Not Found

Project Silence (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මෙහෙමයි, කතාව ගොඩනැගෙන්නේ හරිම ඝන මීදුමක් පවතින රාත්‍රියක. සෝල් නගරයේ තියෙන දැවැන්ත ගුවන් තොටුපළ පාලම උඩදී තමයි හැමදේම සිද්ධ වෙන්නේ.

ජනාධිපති සහායකයෙක් වෙන ‘ජුන්ග්-වොන්’ තමන්ගේ දුවව පිටරට යවන්න ගුවන් තොටුපළට යන ගමනේදී, මේ මීදුම නිසා බිහිසුණු වාහන අනතුරක් වෙනවා. වාහන ගණනාවක් එක පිට එක හැප්පිලා, පාලම උඩ සිරවෙලා, අවුලක් ඇතිවෙනවා.

ඒත් මේක ආරම්භය විතරයි.
මේ අනතුර අතරතුර, හරිම රහසිගතව හමුදාව විසින් ප්‍රවාහනය කරමින් තිබුණු දෙයක්, ඒ කියන්නේ ‘Project Silence’ එකට අයිති ‘විශේෂ පුහුණුව ලත්’ බල්ලෝ කණ්ඩායමක් කූඩුවලින් එළියට පනිනවා.

මේ බල්ලෝ සාමාන්‍ය බල්ලෝ නෙවෙයි. මෙයාලව හදලා තියෙන්නේ මිනිස්සුන්ගේ කටහඬවල්වලට සංවේදී වෙන විදියට. හරිම දරුණු විදියට පුහුණු කරපු, පාලනය කරගන්න බැරි මේ සත්තු, පාලම උඩ සිරවෙලා ඉන්න අසරණ මිනිස්සුන්ගේ ජීවිතවලට තර්ජනයක් වෙනවා
දැන් තත්ත්වේ, පාලම කඩා වැටෙන්න ඔන්න මෙන්න තියෙන්නේ, ඒ අතරතුර මේ මාරාන්තික බල්ලන්ගෙන් බේරෙන්නත් ඕනේ. ‘ජුන්ග්-වොන්’ ඇතුළු සිරවුණු පිරිසට සිද්ධ වෙනවා මේ භයානක රාත්‍රිය පුරා ජීවිතය වෙනුවෙන් සටන් කරන්න.

මේක හුදෙක්ම බල්ලන්ගෙන් බේරෙන කතාවක් විතරක් නෙවෙයි. මේ ‘Project Silence’ එක පිටුපස්සේ තියෙන රහස මොකක්ද? මේ දේවල් මෙහෙම වෙන්න ඇත්තටම හේතුව මොකක්ද?

කතාව දිග හැරෙද්දී, මේ ප්‍රශ්නවලට උත්තරත්, අඳුරේ සැඟවුණු දේශපාලනික කුමන්ත්‍රණත් එළියට එනවා. ඉතින්, ජීවිතයත් මරණයත් අතර සටනක් තමයි මේ චිත්‍රපටයෙන් බලාගන්න ලැබෙන්නේ

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.