Image Not Found

Proof (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මුලින්ම අපි මේකේ කවුද ඉන්නේ කියලා පොඩ්ඩක් බලමු. 2005 අවුරුද්දේ ආපු මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කළේ John Madden. මේකේ ප්‍රධාන චරිතවලට ඉන්නේ අපි කවුරුත් දන්න Gwyneth Paltrow සහ Anthony Hopkins. ඒ වගේම Jake Gyllenhaal ත් මේකට රංගනයෙන් දායක වෙනවා. ඉතින් මේ වගේ නම් ටිකක් දැක්කම ෆිල්ම් එකේ කොලිටිය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

කතාව යන්නේ කැතරින් (Gwyneth Paltrow) වටා. එයාගේ තාත්තා රොබට් (Anthony Hopkins) කියන්නේ ලෝකෙම හොල්ලපු මාරම ගණිත ඔස්තාර් කෙනෙක්. හැබැයි ප්‍රශ්නේ කියන්නේ මිනිහා බුද්ධිමත් වුණාට අන්තිම කාලේ දරුණු මානසික ලෙඩකින් පෙළෙනවා. ඉතින් කැතරින් තමන්ගේ අධ්‍යාපනය, තරුණ කාලේ මේ හැම දෙයක්ම පැත්තක දාලා තාත්තාව බලාගන්න කැපවෙනවා.

ඔන්න හදිසියේම තාත්තා මැරෙනවා. තාත්තා මැරුණාම එයාගේ ගෝලයෙක් (Jake Gyllenhaal) එනවා තාත්තාගේ පරණ පොත් පත් ටික අවුස්සලා බලන්න වටිනා යමක් තියෙනවද කියලා. ඒ අස්සේ කැතරින්ගේ අක්කත් එනවා නංගිව එක්කන් යන්න, මොකද කැතරින්ටත් තාත්තා වගේම පිස්සු හැදීගෙන එනවද කියලා එයාට ලොකු සැකයක් තියෙනවා.
ඔහොම යද්දී තමයි තාත්තාගේ අගුළු දාපු ලාච්චුවක තිබිලා කාටවත් විසඳන්න බැරි වුණ ලොකු ගණිත ප්‍රමේයයකට සාධනයක් (Proof එකක්) හම්බවෙන්නේ. දැන් තමයි ෆිල්ම් එකේ හොඳම හරිය පටන් ගන්නේ.

මේක ලිව්වේ කවුද? මැරෙන්න ඔන්න මෙන්න හිටපු, සිහි කල්පනාව මදි තාත්තද? නැත්තම් තාත්තා වගේම බුද්ධිමත්, සමහර විට තාත්තා වගේම මානසිකව වැටිලා ඉන්න දුවද? වැඩේ කියන්නේ මේක ලිව්වේ තමන් කියලා කැතරින් කිව්වට කවුරුත් ඒක ලේසියෙන් පිළිගන්නේ නෑ.

ඇත්තටම කැතරින්ට පිස්සුද? නැත්තම් එයා තාත්තටත් වඩා දක්ෂද? මේක නිකන්ම ඩ්‍රාමා එකක් නෙවෙයි, අන්තිම වෙනකම්ම කුතුහලයෙන් බලන්න පුළුවන් පට්ට කතාවක්.ජීවිතයේ ස්ථාවර වන ක්ලෙයාර්, කැතරින්ට තම පියාගේ නිවස විකිණීමට බල කරයි.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.