
Proof of Life (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි
හොලිවුඩ් සිනමාවේ සුපිරි නළු රසල් ක්‍රෝ සහ මෙග් රයන් රංගනයෙන් දායක වන මේ චිත්‍රපටය ක්‍රියාදාම සහ කුතුහලය පිරුණු එකක්. දකුණු ඇමරිකානු රටක සේවය කරන ඉංජිනේරුවෙක්ව එරට ගරිල්ලා කණ්ඩායමක් විසින් පැහැරගනු ලබනවා. ඔවුන් විශාල වන්දියක් ඉල්ලනවා ඔහුව නිදහස් කරන්න. මේ වෙලාවේදී ඔහුගේ බිරිඳ අසරණ වෙනවා, මොකද ඇයට ඒ වන්දිය ගෙවාගන්න විදිහක් නැති නිසා.
මෙතනදී තමයි “ටෙරී තෝන්” කියන පුද්ගලයා කතාවට එන්නේ. ඔහු පැහැරගත් අයව බේරාගැනීමේ විශේෂඥයෙක් (Kidnap and Ransom Negotiator). නීතියටත් වඩා තමන්ගේ අත්දැකීම් සහ බුද්ධිය පාවිච්චි කරලා ඔහු මේ මෙහෙයුම පටන් ගන්නවා. මේ අතරතුර බේරාගන්න යන පුද්ගලයාගේ බිරිඳ සහ ටෙරී අතර ඇතිවන බැඳීම කතාවට අමුතුම හැඩයක් එකතු කරනවා.
ජීවිතය සහ මරණය අතර සටනකදී, වෘත්තීය ගෞරවය සහ පෞද්ගලික හැඟීම් පටලවා නොගෙන මේ මෙහෙයුම සාර්ථක කරගන්න ටෙරීට පුළුවන් වෙයිද? කැලෑ මැදින් යන භයානක ගමන, වෙඩි හුවමාරු සහ අවසාන මොහොතේ සිදුවන අනපේක්ෂිත සිදුවීම් නිසා “Proof of Life” චිත්‍රපටය එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන් නිර්මාණයක්.
