Image Not Found

Raw (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ජස්ටින් කියන්නේ අවුරුදු දහසයේ ඉඳලාම නිර්මාංසව (Vegetarian) හැදිච්ච, ගොඩක්ම අහිංසක ගැහැණු ළමයෙක්. එයා වෙද්‍ය විද්‍යාලයකට (Veterinary School) යනවා, එයාගේ අක්කත් එතනම ඉන්නවා.

හැබැයි මේ විද්‍යාලයේ අලුතෙන් එන අයට හොඳටම ‘සප්පායම්’ කරන පිළිවෙතක් තියෙනවා, ඒ කිව්වේ ‘rag’ එක. මේකෙදි, එයාට කවදාවත් අත නොගැසූ දෙයක් බලෙන්ම කන්න සිද්ධ වෙනවා. ඒක හරියට එයාගේ ජීවිතේම උඩුයටිකුරු කරන මොහොතක් වගේ.
ඊට පස්සේ තමයි කතාව ඇත්තටම පටන් ගන්නේ.

එයාගේ ඇඟට අමුතු වෙනසක් දැනෙන්න ගන්නවා. අමුතුම ආශාවන් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ වෙනස්වීම එයාගේ අක්කා එක්ක තියෙන සම්බන්ධයත් හෙමින් හෙමින් වෙනස් කරන්න පටන් ගන්නවා.

ඇත්තටම කිව්වොත්, ජස්ටින් ටිකෙන් ටික එයා කවුද කියන එක ආපහු හොයාගන්න ගමනක් යනවා. ඒ ගමන නම් ටිකක් අඳුරුයි, ලේ තැවරුණු එකක්. එයාට දරාගන්න බැරි තරමේ බඩගින්නක් දැනෙනවා… ඒ බඩගින්න සන්සිඳවගන්න එයා මොනව කරයිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.