Image Not Found

REC (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඇන්ජෙලා කියන රූපවාහිනී වාර්තාකාරියයි, එයාගේ කැමරාකාරයා වන පැබ්ලෝයි, එදා රෑ බාර්සිලෝනා ගිනි නිවන සේවයේ වැඩ ගැන වාර්තාවක් හදනවා. හැමදාම වගේ සාමාන්‍ය රාත්‍රියක් කියලා හිතන් ඉද්දි, එයාලට ඇමතුමක් එනවා පරණ ගොඩනැගිල්ලක හිර වෙච්ච වැඩිහිටි කාන්තාවක් ගැන.

ගිනි නිවන භටයෝ එක්ක මෙයාලා ගොඩනැගිල්ල ඇතුළට යනවා. අර කාන්තාවට මොකක් හරි අසනීපයක් හැදිලා, එයා දරුණු විදියට හැසිරෙනවා. ඒ සිද්ධිය පටිගත කරගෙන ඉන්න අතරේ, එළියෙන් පොලිසිය ඇවිත් හිටි හැටියේම මුළු ගොඩනැගිල්ලම වට කරලා මුද්‍රා තියනවා. හැමෝම නිරෝධායනයට ලක් කරනවා.

දැන් ඇතුලේ ඉන්න මිනිස්සුන්ට පිටත ලෝකේ එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ඒ අමුතු විදියේ ආසාදනය ගොඩනැගිල්ල ඇතුළේ ඉක්මනින්ම පැතිරෙන්න පටන් ගන්නවා. දැන් ඉතින් ඇන්ජෙලාටයි, පැබ්ලෝටයි කරන්න වෙන්නේ මේ භයානක තත්ත්වය දිගටම පටිගත කරගෙන, තමන්ගේ ජීවිතේ බේරගන්න අරගල කරන එක තමයි.

මේ ආසාදනයේ රහස මොකක්ද? මෙයාලට මේ මර උගුලෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? REC (2007) චිත්‍රපටයේ මේ හැම දෙයක්ම කැමරා කාචයක් ඇතුළෙන් ඔයාලට බලන්න පුළුවන්.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct video download and online viewing
📥 Direct download