Image Not Found

Red Planet (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි

අද මම කියන්න යන්නේ 2000 අවුරුද්දේ ආපු සුපිරි Sci-Fi ෆිල්ම් එකක් ගැන: Red Planet.
මේක අධ්‍යක්ෂණය කළේ Antony Hoffman. ප්‍රධාන චරිත කරන්නේ Val Kilmer (රොබී ගැලගර්) සහ Carrie-Anne Moss (කමාන්ඩර් බෝමන්).

කතාව මෙහෙමයි: 2050 ගණන් වෙද්දී ලෝකේ සම්පූර්ණයෙන්ම වගේ විනාශ වෙලා. මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙන තැනක් හොයන්න වෙනවා. ඉතින් ඊළඟ බලාපොරොත්තුව තමයි අඟහරු ග්‍රහයා. විද්‍යාඥයෝ අවුරුදු ගාණක් තිස්සේ අඟහරු ග්‍රහයා මත ඔක්සිජන් හදන්න ඇල්ගී වර්ග එහෙට යවනවා.

දැන් වෙලාව හරි, පළවෙනි මිනිස්සු කණ්ඩායම අඟහරු වලට යවන්න. මේ කමාන්ඩර් බෝමන් ඇතුළු හය දෙනෙක්ගෙන් යුත් කණ්ඩායම (Mars-1) යන්නේ එහේ තත්ත්වය බලන්න.

ඒත් එයාලා අඟහරු ග්‍රහයාට ළං වෙද්දීම ප්‍රශ්න පටන් ගන්නවා. එයාලගේ යානයට ලොකු හානියක් වෙලා, කට්ටියට සිද්ධ වෙනවා හදිසි ගොඩබෑමක් කරන්න. අමාරුවෙන් බිමට බැස්සට පස්සේ තමයි නියම ප්‍රශ්න පටන් ගන්නේ. එයාලට ඉන්න හදපු නවාතැන (Habitat) සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. ඔක්සිජන් හදන්න යවපු ඇල්ගී ටිකත් නිකම්ම අතුරුදහන් වෙලා.

ඒත් පුදුමම දේ කියන්නේ, අඟහරු ග්‍රහයා මත එයාලට හුස්ම ගන්න පුළුවන් ඔක්සිජන් තියෙනවා! ඒ කොහොමද? ඒ වගේම, එයාලව ආරක්ෂා කරන්න ගෙනාපු AMEE කියන රොබෝ කෙනත් පිස්සු කෙළින්න පටන් ගන්නවා. මේ රතු පාට ග්‍රහලෝකේ ඇතුළේ එයාලා තනියමද ඉන්නේ? එයාලට ආයෙමත් ලෝකෙට යන්න පුළුවන් වෙයිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.