Image Not Found

Revenge of the Boogeyman (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක පටන් ගන්නේ යාළුවෝ සෙට් එකක් ලී කැබින් එකකට යන තැනින්. මොකද, එයාලගේ යාළුවෙක්ට එයාගේ නරක පුරුදුවලින් මිදෙන්න උදව් කරන්නයි මේ ගමන යන්නේ. ගුප්ත, පාළු කැලෑවක තියෙන ඒ කැබින් එකට ගිහින් නිදහසේ ඉන්නයි එයාලගේ අදහස.

මුලදි හැමදේම සාමාන්‍ය විදිහට පෙනුනත්, ටිකෙන් ටික අමුතු දේවල් වෙන්න පටන් ගන්නවා. එයාලට තේරෙන්න ගන්නවා, ඒ පළාතේ තියෙන “රිජ්ෆීල්ඩ් බූගිමන්” (Ridgefield Boogeyman) කියන මිථ්‍යාව, කතාවක් විතරක් නෙවෙයි කියලා.

කලින් අතුරුදහන් වෙච්ච අයගේ කතා, රහස්, මේ හැමදේම ටිකෙන් ටික එළියට එද්දි, එයාලට තේරෙන්න ගන්නවා මේ ගමන එච්චර ලේසි වෙන්නේ නැහැ කියලා.
තමන්ගේ යාළුවාගේ ප්‍රශ්න විසඳගන්න ආපු ගමන, දැන් හැරිලා තියෙන්නේ වෙනමම භයානක වික්‍රමයක් බවට.

ඇත්තටම මේ බූගිමන් කතාව ඇත්තද? නැත්නම් මේ සියල්ලම වෙන්නේ එයාලගේ මනස ඇතුළෙද?
ඒක දැනගන්න නම්, චිත්‍රපටය බලන්නම වෙනවා. හැබැයි පරිස්සමෙන්, සමහර වෙලාවට ඔබ දකින දේට වඩා දරුණු දේවල් තවත් තියෙන්න පුළුවන්… කවදාවත් බූගිමන්ට තරහා යවන්න එපා!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.