
Riders of Justice (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක නිකම්ම නිකම් ‘රිවෙන්ජ් මූවි’ එකක් නෙවෙයි. පොඩ්ඩක් සංකීර්ණයි, ඒත් හිතට වදිනවා.
කතාව පටන් ගන්නේ මාකස් (Mads Mikkelsen) කියන හමුදා නිලධාරියාගෙන්. එයා ඉන්නේ ඇෆ්ගනිස්ථානයේ. එයාගේ වයිෆ් දරුණු දුම්රිය අනතුරකින් මැරුණා කියලා ආරංචි වෙනවා. ඉතින්, එයාට එන්න වෙනවා ගෙදරට, තමන්ගේ යොවුන් දුවව (Mathilde) බලාගන්න.
මේක දරාගන්න අමාරු වෙලා ඉන්නකොට, ඔටෝ කියන ගණන්කාරයෙක් එනවා. මේ මනුස්සයාත් ඒ දුම්රියේ හිටියා.
ඔටෝ කියනවා මේක අහම්බෙන් වෙච්ච අනතුරක් නෙවෙයිලු. ‘Riders of Justice’ කියන බයිසිකල් ගෑන්සියක් විසින් සැලසුම් කරලා කරපු වැඩක්ලු. එයාලගේ සාක්ෂිකරුවෙක් මරන්නලු එහෙම කරලා තියෙන්නේ.
මාකස්ට මේක අහලා ඉවසගන්න බැරි වෙනවා. තම
න්ගේ දුක, කෝපය, පළිගැනීමක් විදිහට එළියට දාන්න මාකස් තීරණය කරනවා. ඔටෝයි, එයාගේ තවත් ගණිතඥ යාළුවෝ දෙන්නෙකුයි එක්ක මාකස් මේ ගැන හොයන්න යනවා.
මේ විකාර චරිත හතර දෙනා එකතු වෙලා ගෑන්සියට එරෙහිව යුද්ධයක් පටන් ගන්නවා. එතකොට තමා වැඩේ ඇත්ත ස්වභාවය හෙළි වෙන්නේ.
ඇත්තටම මේ සිදුවීම් ඔක්කොම වුණේ, ‘අහම්බයක්’ නිසාද? නැත්නම් මේ පිටිපස්සේ ඇත්තටම ‘ප්ලෑන්’ එකක් තියෙනවද? කතාව බලද්දි හිතට එන ප්‍රශ්නය ඒකයි!
