Image Not Found

Running with the Devil (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි

අපි හිතමු මේක ලෝකෙම ව්‍යාප්ත වෙලා තියෙන මත්ද්‍රව්‍ය ජාලයක් කියලා. මේකේ ලොක්කා ඉන්නේ අහසේ. එයාට ආරංචි වෙනවා එයාගේ කොකේන් තොගයක් අතරමගදී අවුල් වෙලා කියලා.

ඉතින්, මේ ලොක්කා එයාගේ විශ්වාසවන්තම සේවකයෝ දෙන්නෙක්ව මේක හොයන්න පිටත් කරනවා. එයාල තමයි කුක් සහ ද මෑන්.

මේ දෙන්නට සිද්ධ වෙනවා මුළු සැපයුම් දාමයම පරීක්ෂා කරන්න. ඒ කියන්නේ… කොකේන් පටන් ගන්න තැන ඉඳලා, පිරිපහදු කරන තැන් පහුකරලා, රටවල් ගණනාවක් පැනලා බෙදාහරින තැනට එනකම්ම තියෙන ගමන මෙයාලා පස්සෙන් යනවා.

හැබැයි, මේ ගමන ලේසි නැහැ. මෙයාලට මගදී හම්බවෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමේ හැම පැත්තක්ම නියෝජනය කරන භයානක චරිත. ඒ අතරේ DEA (Drug Enforcement Administration) එකෙත් කට්ටිය මෙයාලව අල්ලගන්න පස්සෙන් එනවා.

ජාවාරම කැඩුණේ කොතනින්ද කියලා කුක්ට තේරෙන්න පටන් ගන්නකොට, හැමෝම තමන්ගේ ජීවිත බේරගන්න දඟලන ලොකු සටනක් පටන් අරන් ඉවරයි. විශ්වාසය කියන එක නැති ලෝකයක් ඇතුළේ, මේක හැමෝම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කරන භයානක දුවමනාවක්! මොකද වෙන්නේ කියලා දැනගන්න බලන්නම වෙනවා!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.