
Safe (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක ලූක් රයිට්ගේ කතාව. එයා කලින් පොලිස් නිලධාරියෙක්, දැන් කේජ් ෆයිටර් කෙනෙක් විදිහට ඉන්නේ. හැබැයි, රුසියානු මාෆියාව එක්ක ඇතිවෙන පොඩි ගැටලුවක් නිසා එයාගේ ජීවිතේ උඩු යටිකුරු වෙනවා. මාෆියාව එයාගේ පවුල නැති කරලා දානවා, ඒ වගේම තර්ජනය කරනවා එයා කතා කරන ඕනෑම කෙනෙක් මරා දානවා කියලා. මේ නිසා ලූක් තනිවෙලා, පාරේ ඉන්න හිඟන්නෙක් වගේ ජීවත් වෙන්න පටන් ගන්නවා.
දවසක් එයාට හම්බවෙනවා මේ කියන මේයි කියන චීන දැරිය. එයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මෙයාට පුදුම මතක ශක්තියක් තියෙන ගණිතදක්ෂයෙක්.
මේයිව අල්ලගන්න චීන ට්‍රයිඇඩ් (Triad) කල්ලිය, රුසියානු මාෆියාව, ඒ වගේම දූෂිත NYPD පොලිස් නිලධාරීන්ගේ කණ්ඩායමක් ඇතුළු විශාල සෙනඟක් පස්සෙන් එනවා. මොකද? මේ දරුවාගේ ඔළුව ඇතුළේ තියෙනවා මිල කළ නොහැකි රහස්‍ය අංක කෝඩ් එකක්.
දැන් ලූක්ට තේරෙනවා, මේ දරුවාට උදව් කරන්න පුළුවන් එකම කෙනා එයා විතරයි කියලා. එයාට මේ කෙල්ලව බේරගන්න එක කියන්නේ එයාගේ බිඳුණු ජීවිතේ ආපහු හදාගන්න ලැබුණු අන්තිම අවස්ථාව.
මේ රහස්‍ය කෝඩ් එක හැමෝටම ඕන. මේ පිටිපස්සේ ඉන්නේ කවුද? ඇයි මේ අංක මෙච්චර වටින්නේ? ලූක්ට මේ සියලු දෙනාගෙන් මේයිව බේරගන්න පුළුවන් වෙයිද?
