Image Not Found

Sally (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි | අභ්‍යවකාශයට ගිය වීරවරියගේ සැඟවුණු ප්‍රේමය

Cast: Tam O’Shaughnessy, Sally Ride (Archival Footage), Billie Jean King Director: Cristina Costantini

මේක ෆිල්ම් එකක් කිව්වට ඇත්තම සිද්ධියක් පදනම් කරගත්තු වාර්තාමය චිත්‍රපටයක් (Documentary). හැබැයි නිකන්ම වාර්තාවක් නෙවෙයි, හිතට දැනෙන ලව් ස්ටෝරි එකක්. අපි කවුරුත් අහල තියෙනවනේ සැලී රයිඩ් (Sally Ride) ගැන. එයා තමයි අභ්‍යවකාශයට ගිය පළමු ඇමරිකානු කාන්තාව. මුළු ලෝකෙම එයාව දැක්කේ හරිම ශක්තිමත්, නිර්භීත ගැහැණියක් විදිහට. හැබැයි එයාගේ හිනාව පිටිපස්සේ කවුරුත් නොදන්න ලොකු රහසක් තිබුණා. එයා අවුරුදු 27ක් තිස්සේ තමන්ගේ ආදරේ ලෝකෙන් හංගගෙන ජීවත් වුණා කියල ඔයාලා දන්නවද?

මේ ෆිල්ම් එකෙන් කියන්නේ සැලීගේ ඒ පුද්ගලික ජීවිතේ ගැන. එයාගේ සහකාරිය, ටැම් (Tam O’Shaughnessy) තමයි මේ කතාව අපිට කියන්නේ. ඒ කාලේ සමාජය කොච්චර සැරද කියනවා නම්, තමන් කැමති කෙනාට ආදරේ කරන්නවත් සැලීට නිදහසක් තිබුණේ නෑ. විශේෂයෙන්ම නාසා එකේ වැඩ කරනකොට එයාට මුහුණ දෙන්න වුණු අභියෝග, පිරිමි මූලික සමාජයක ගැහැණියක් විදිහට එයා විඳපු පීඩනය මේකේ හොඳට පෙන්නනවා. අභ්‍යවකාශයට රොකට් එකක යනවා වගේ නෙවෙයි, පොළව උඩ ජීවත් වෙද්දී තමන්ගේ ඇත්ත හැඟීම් හංගගෙන ඉන්න එක කොච්චර අමාරුද? සැලී නැති වුණාට පස්සේ තමයි මේ කතාව ලෝකෙට එළි වෙන්නේ. මේක නිකන්ම අභ්‍යවකාශ කතාවක් නෙවෙයි. මේක කැපවීම, ආදරය සහ ධෛර්යය ගැන කියවෙන කතාවක්. ඇත්ත ජීවිතේ වීරයෙක්ගේ නොදකින පැත්තක් බලන්න ආස නම්, අනිවාර්යයෙන්ම බලන්න ඕන හිත නිවන චිත්‍රපටයක්.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.