
Sam Bahadur (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි
සෑම් බහදූර් (Sam Bahadur)
නළු නිළියන් සහ අධ්යක්ෂණය: මේකේ ප්රධාන චරිතය, ඒ කියන්නේ සෑම් මැනික්ෂෝ විදියට රඟපාන්නේ විකී කෞශාල්. මිනිහා මේ චරිතයට කරලා තියෙන සාධාරණය නම් කියලා වැඩක් නෑ, ඇත්තම සෑම්ව මැවිලා පේනවා. ඉන්දිරා ගාන්ධි විදියට ෆාතිමා සනා ෂෙයික් සහ සෑම්ගේ බිරිඳ විදියට සන්යා මල්හෝත්රා රඟපානවා. මේක අධ්යක්ෂණය කළේ දක්ෂ අධ්යක්ෂකවරියක් වන මේඝනා ගුල්සාර්.
මේක නිකම්ම යුද්ධයක් ගැන තියෙන ෆිල්ම් එකක් නෙවෙයි, මේක මාරම ඩයල් එකක් ගැන කතාවක්. කතාව ගෙතෙන්නේ ඉන්දියාවේ පළමු ෆීල්ඩ් මාර්ෂල් වුණ “සෑම් මැනික්ෂෝ” වටා. සෑම් කියන්නේ නිකම්ම සොල්දාදුවෙක් නෙවෙයි, හත් වතාවක් මරණයෙන් බේරිලා ආපු, කාටවත් බය නැති මනුස්සයෙක්. එයා කොච්චර කෙලින් මනුස්සයෙක්ද කියනවා නම් අගමැති ඉන්දිරා ගාන්ධිට වුනත් මූණටම වැරදි පෙන්නලා දෙන ජාතියේ කෙනෙක්.
ෆිල්ම් එකෙන් පෙන්නන්නේ එයා තරුණ කාලේ ඉඳන් කොහොමද මේ තත්ත්වයට ආවේ කියන එක. හැබැයි කතාවේ ලොකුම කුතුහලය තියෙන්නේ 1971 ඉන්දු-පාකිස්තාන යුද්ධය ළඟ. හැමෝම බය වෙලා ඉද්දි, සෑම් කොහොමද එයාගේ මොළේ පාවිච්චි කරලා, හමුදාව මෙහෙයවලා ඒ දරුණු යුද්ධය දින්නේ කියන එක තමයි මේකේ හයිලයිට් එක.
නිකම්ම වෙඩි තියාගන්නවට වඩා, සෑම් ගහපු ඒ “මාස්ටර් ප්ලෑන්” එක මොකක්ද? දේශපාලන බලපෑම් මැද්දේ එයා කොහොමද තමන්ගේ සොල්දාදුවන්ව රැකගත්තේ? අන්න ඒ ටික දැනගන්න නම් මේක අනිවාර්යයෙන්ම බලන්න වෙනවා. සෑම්ගේ ඒ ආඩම්බර ගැම්ම බලන්නම වටිනවා!
