Image Not Found

Scooby-Doo 2: Monsters Unleashed (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි

“මිස්ට්‍රි ඉන්ක්” කල්ලිය දැන් කූල්ස්විල් නගරයේ ලොකු වීරයෝ වෙලා. එයාලා අතීතයේදී අල්ලගත්ත හොල්මන්කාරයන්ගේ ඇඳුම් (costumes) දාලා ලොකු මියුසියම් එකක් පටන් ගන්නවා. හැමෝම මේකට ඇවිත් ඉන්න වෙලාවේ, එකපාරටම “නපුරු වෙස් මුහුණුකාරයෙක්” (Evil Masked Figure) එළියට එනවා.

මෙයා ළඟ තියෙන අමුතු මැෂින් එකකින්, අර ප්‍රදර්ශනයට තියපු ඇඳුම් වලට ඇත්තටම පණ දෙනවා. “ප්ටෙරොඩැක්ටයිල් ගෝස්ට්” (Pterodactyl Ghost) ඇවිත් මුළු උත්සවයම විනාශ කරනවා.

මේ සිද්ධියෙන් පස්සේ, නගරයේ මිනිස්සු කල්ලියට බනින්න පටන් ගන්නවා. එයාලා වීරයෝ නෙවෙයි, හැමදේම අවුල් කළා කියලා චෝදනා කරනවා. විශේෂයෙන්ම, හෙදර් ජැස්පර්-හව් කියන ටීවී රිපෝටර් එයාලට විරුද්ධව මිනිස්සුන්ව උසිගන්වනවා.

දැන් කල්ලියට එයාලගේ නම බේරගන්න ලොකු සටනක් කරන්න වෙලා. මේ ඇත්තම හොල්මන් ටික නගරය විනාශ කරන්න කලින්, මේ හැමදේම පිටිපස්සේ ඉන්න වෙස් මුහුණුකාරයා කවුද කියලා හොයාගන්න එයාලා පරීක්ෂණ පටන් ගන්නවා.

ඒත් එයාලා හොයන්න හොයන්න, තවත් පරණ හොල්මන් (The Black Knight, 10,000 Volt Ghost) පණ අරන් එනවා. ෂැගීටයි ස්කූබිටයි මේ සැරේ බයේ දුවලා විතරක් බේරෙන්න බැරි වෙනවා. කල්ලියට මේ අභිරහස විසඳගන්න පුළුවන් වෙයිද? නැත්නම් මේක එයාලගේ අන්තිම කේස් එක වෙයිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.