Image Not Found

Secret Magic Control Agency (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක 2021 ආපු “Secret Magic Control Agency” ෆිල්ම් එකේ කතාව. ඔයාලා දන්න හැන්සල් සහ ග්‍රෙටල් කතාවම තමයි, හැබැයි පොඩි වෙනසක් එක්ක.

ග්‍රෙටල් කියන්නේ රහස් මැජික් පාලන ඒජන්සියේ (SMCA) ඉන්න දක්ෂම ඒජන්ට් කෙනෙක්. දවසක් රාජධානියේ රජතුමාව කවුදෝ අභිරහස් විදිහට පැහැරගන්නවා. මේක හොයන ලොකුම මෙහෙයුම බාරවෙන්නේ ග්‍රෙටල්ට. හැබැයි කේස් එකේ තියෙන ලොකුම අවුල තමයි, මේ සිද්ධිය දැකපු එකම සාක්ෂිකාරයා. ඒ වෙන කවුරුත් නෙවෙයි, ග්‍රෙටල්ගේම සහෝදරයා, හැන්සල්. හැන්සල් කියන්නේ නිකම්ම නෙවෙයි, නමක් දිනාගත්ත හොර මැජික්කාරයෙක්.

ඉතින්, කොහොමහරි අකමැත්තෙන් වුණත් මේ අක්කටයි මල්ලිටයි එකට වැඩ කරන්න සිද්ධ වෙනවා. මේක හොයාගෙන යද්දී, අවාසනාවකට මේ දෙන්නා අහම්බෙන් මායා බීමක් බීලා ආයෙත් පොඩි ළමයි බවට පත් වෙනවා.

දැන් පොඩි ළමයි වෙච්ච මේ දෙන්නට තියෙනවා ලොකු අභියෝගයක්. තමන්ගේ තරහ පැත්තකින් තියලා, රජතුමාව බේරගන්න ඕන. ඒ වගේම, මේ හැමදේම පිටිපස්සේ ඉන්න, මුළු රාජධානියම භයානක කෑමකින් පාලනය කරන්න හදන නපුරු මායාකාරියව නවත්තන්නත් ඕන. පොඩි ළමයි දෙන්නෙක් වෙලා මේ ලොකු මෙහෙයුම එයාලා කොහොම විසඳයිද?

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.