
Session 9 (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි
අඳුරු, අද්භූත කතාවලට ආස අයට මේක සුපිරි ෆිල්ම් එකක්.
“Session 9” කියන්නේ අත්හැරලා දාපු පරණ මානසික රෝහලක ඇස්බැස්ටෝස් (asbestos) ඉවත් කරන්න යන කම්කරු කණ්ඩායමක් ගැන කතාවක්.
මේ රෝහල කලින් කාලේ දරුණු පරීක්ෂණ, ප්‍රතිකාර කරපු තැනක්. ඒකේ හැම අස්සක් මුල්ලක්ම තියෙන්නේ අඳුරු ඉතිහාසයක්.
වැඩේ ඉක්මනින් ඉවර කරන්න ඕන නිසා මේ කණ්ඩායම ඉන්නේ ලොකු පීඩනයකින්. වැඩේ පටන් ගත්තාට පස්සේ, මේ මිනිස්සුන්ගේ පුද්ගලික ප්‍රශ්න, අභ්‍යන්තර ආතතීන් ටිකෙන් ටික මතුවෙන්න ගන්නවා.
මේ අතරේ, එයාලගෙන් එක්කෙනෙකුට අහම්බෙන් හම්බවෙනවා පරණ කැසට් ටේප් පෙට්ටියක්. ඒකේ තියෙන්නේ අවුරුදු ගාණකට කලින් මේ රෝහලේ හිටපු “මේරි හොබ්ස්” (Mary Hobbes) කියන රෝගියෙකුගේ චිකිත්සක සැසි නවයක (Session 9) පටිගත කිරීම්. මේ මේරිට තියෙන්නේ ‘බහු පෞරුෂ ආබාධයක්’ (Multiple Personality Disorder).
එතකොට තමයි අමුතු දේවල් වෙන්න පටන් ගන්නේ. ටේප්ස් අහනකොට මේරිගේ අමුතු පෞරුෂයන් ගැන දැනගන්න ලැබෙනවා. ඒ එක්කම, රෝහලේ ඇතුළේ කවුරුහරි ඉන්නවා වගේ හැඟීමක් හැමෝටම එනවා. එයාලගෙන් කෙනෙක් අතුරුදහන් වෙනවා…
මේ අතහැර දැමූ රෝහලේ බිත්ති ඇතුළේ සැඟවුණු අඳුරු රහස කුමක්ද? මේරිගේ අවසාන සැසියේ (Session 9) තියෙන්නේ මොනවාද? මේ කම්කරු කණ්ඩායමේ මිනිස්සුන්ට වෙන්නේ මොකක්ද?
කතාව ඉස්සරහට යද්දි, මේ අත්හැරලා දාපු රෝහලේ අඳුරු අතීතයයි, කණ්ඩායමේ සාමාජිකයන්ගේ වර්තමාන මානසික තත්වයයි එකිනෙක පැටලෙන්න ගන්නවා. ඇත්තටම භීෂණය එන්නේ එළියෙන්ද, නැත්තම් ඇතුළෙන්ද කියලා අවසානය වෙනකල්ම හිතාගන්න බැරි වෙයි.
