Image Not Found

Shinjuku Incident (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක අපි පුරුදු වෙලා ඉන්න ජැකී චෑන්ගේ විහිලු තියෙන ෆයිට් ෆිල්ම් එකක් නම් නෙවෙයි. මේක ඉතාම බරපතල සහ තාත්වික (Serious drama) ගණයේ ක්‍රියාදාම චිත්‍රපටයක්. Derek Yee විසින් අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට ඉන්නේ ජැකී චෑන්. ඊට අමතරව Daniel Wu වගේ දක්ෂ නළුවනුත් මේකට රඟපානවා.

කතාව පටන් ගන්නේ චීන ජාතික “ස්ටීල්හෙඩ්” (ජැකී චෑන්) එයාගේ නැති වුන පෙම්වතියව හොයාගෙන ජපානයට එන තැනින්. හැබැයි මිනිහා ජපානයට ඇතුල් වෙන්නේ හොර රහසේ, නීතිවිරෝධී සංක්‍රමණිකයෙක් විදියට. ජපානයේ ටෝකියෝ නුවර ශින්ජුකු (Shinjuku) කියන පළාතට එන මිනිහට ජීවත් වෙන්න ලේසි වෙන්නේ නෑ. පොලිසියෙන් හැංගි හැංගි කුලී වැඩ කරන අතරේ මිනිහට තේරෙනවා මේ අලුත් තැන තමන්ගේ අයව බේරගන්න නම් නිකන් ඉඳලා හරියන්නේ නෑ කියලා.

ඔහොම ඉන්නකොට එයා හොයපු පෙම්වතියව හම්බවෙනවා. හැබැයි ප්‍රශ්නේ කියන්නේ එයා දැන් බැඳලා ඉන්නේ ජපානයේ දරුණුම මැර කල්ලි නායකයෙක්ව (Yakuza boss). තමන්ගේ පිරිසට ජපානයේ නීත්‍යානුකූලව ඉන්න පුරවැසිභාවය ගන්න ඕන නිසා ස්ටීල්හෙඩ් මේ යකූසා නායකයා එක්ක අවදානම් ඩීල් එකක් දානවා.

සාමාන්‍ය මනුස්සයෙක් පාතාල ලෝකේ ලොක්කෙක් වෙන හැටිත්, එතනින් එහාට බලය නිසා මුළු ෂින්ජුකු නගරයම ලේ විලක් වෙන හැටිත් චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්. අවසානය මොන වගේ වෙයිද කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.