Image Not Found

Shock Wave 2 (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි

‘Shock Wave 2’ (2020) මේක පට්ටම ඇක්ෂන් පැක් එකක්. බලපු නැති කෙනෙක්ට කියනවා නම් මෙහෙමයි.

හිතන්නකෝ මෙහෙම. ඔයා කියන්නේ නගරේ ඉන්න දක්ෂම, වැඩකාරයෙක් වගේ ඉන්න බෝම්බ නිශ්ක්‍රීය කරන ඔෆිසර් කෙනෙක්. ඒත් එක දවසක්, ලොකු වැඩක් වරදිනවා. ඔයාට බෝම්බයක් පත්තු වෙලා… එක කකුලක් නැති වෙනවා. එතනින් පස්සේ ඔයාගේ මුළු ලෝකෙම වගේ කඩා වැටෙනවා. ඔයා හිතපු විදිහට දේවල් වෙන්නේ නෑ.

දැන්, කතාව යන්නේ අවුරුදු පහක් ඉස්සරහට. නගරේ ලොකු තැනක දරුණු බෝම්බයක් පිපිරෙනවා. ඔයාව එතනින් හම්බවෙනවා, හැබැයි සිහියක් නැතුව. ඔයා ඇහැරෙද්දී, ඔයාට කිසිම දෙයක් මතක නෑ! ඔයා කවුද, එතනට ආවේ කොහොමද, මුකුත්ම මතක නෑ.

දැන් තමයි හොඳම හරිය. පොලිසිය හිතන්නේ ඔයා තමයි මේ බෝම්බේ තිබ්බ ත්‍රස්තවාදියා කියලා! ඔයාට දැන් දෙපැත්තකින් සටන් කරන්න වෙනවා. එකක්, ඔයාගේ නැතිවුණු මතකය ටික ටික හොයාගන්න. අනික, ඔයා මේ දේ කළේ නෑ කියලා ඔප්පු කරන්න.

ඒත්… ඔයාට ඔයාවවත් ෂුවර් නැත්නම්? ඔයා ඇත්තටම නරක කෙනෙක් වෙලා නම්? එතන ඉඳන් තමයි කතාව දිග ඇරෙන්නේ.

කෙටියෙන් කිව්වොත්, මේකේ ප්‍රධාන චරිතය කරන්නේ සුපිරි නළු Andy Lau. එයා එක්ක Sean Lau (Lau Ching-wan) සහ Ni Ni ත් ඉන්නවා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Herman Yau.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.