Image Not Found

Shrapnel (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි

Shrapnel (2023) කියන්නේ පට්ට ඇක්ෂන් ත්‍රිලර් එකක්. මේක බලලා නැති කෙනෙක්ට කතාව කිව්වොත් මෙහෙමයි

හිතන්නකෝ, ෂෝන් (Sean) කියලා හිටපු මැරීන් හමුදාකාරයෙක් ඉන්නවා. එයා දැන් සේවයෙන් අයින් වෙලා, මෙක්සිකෝ දේශසීමාව ළඟ තියෙන එයාගේ ගොවිපළේ පාඩුවේ ජීවත් වෙනවා. හැමදේම සාමාන්‍ය විදිහට යද්දී, එකපාරටම එයාගේ දුවව කවුද පැහැරගන්නවා.
ෂෝන්ට හොඳටම ෂුවර් මේක දේශසීමාව පාලනය කරන දරුණු මත්ද්‍රව්‍ය කල්ලියක (කාටෙල් එකක) වැඩක් කියලා.

ඉතින්, එයා මුලින්ම පොලීසියට ගිහින් පැමිණිලි කරනවා. ඒත්, ඔයාලා දන්නවනේ ඉතින්, නීතියෙන් මේ වැඩේ වෙන්නේ හරිම හිමින්. එයාලගෙන් ලොකු සපෝට් එකක් ලැබෙන්නේ නෑ. තමන්ගේ දුවව බේරගන්න නම්, නීතිය අතට අරන් එයාම මේකට බහින්න ඕනේ කියලා ෂෝන්ට තේරෙනවා.

ඔතනින් තමා කතාව පටන් ගන්නේ. ෂෝන් එයාගේ පරණ හමුදා යාළුවෙකුත් (මැක්ස්) සෙට් කරගන්නවා. තමන්ගේ හමුදා හැකියාවන් පාවිච්චි කරලා, මේ හිටපු සොල්දාදුවෝ දෙන්නා මුළු කාටෙල් එකත් එක්කම හැප්පෙන්න තීරණය කරනවා. එයාලට දුවව ආපහු හොයාගන්න පුළුවන් වෙයිද? ඒක තමා බලන්න තියෙන්නේ.

අධ්‍යක්ෂණය: මේක ඩිරෙක්ට් කරලා තියෙන්නේ විලියම් කෝෆ්මන් (William Kaufman).
නළු නිළියන්: ප්‍රධාන චරිතය, ඒ කියන්නේ තාත්තා (ෂෝන්) විදිහට ජේසන් පැට්‍රික් (Jason Patric) රඟපානවා. එයාගේ යාළුවා විදිහට කැම් ගිගැන්ඩෙට් (Cam Gigandet) ඉන්නවා.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.