Image Not Found

Sick (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි

‘Sick’ (2022) කියන්නේ කොවිඩ් වසංගතය අස්සේ වෙන පට්ට ‘Slasher’ ත්‍රිලර් එකක්.
කතාව මෙහෙමයි: ලෝකෙම ‘Lockdown’ කරලා තියෙන දවස්වල, පාකර් (Parker) සහ එයාගේ හොඳම යාලුවා මිරී (Miri) තීරණය කරනවා වසංගතයෙන් බේරිලා ‘Quarantine’ වෙන්න පාකර්ගෙ පවුලට අයිති, හුදකලා පළාතක තියෙන ලොකු විලක් (Lake) ළඟ ගෙදරකට යන්න. එයාලා හිතන්නේ එතන එයාලට කිසි කරදරයක් නැතුව, ආරක්ෂිතව ඉන්න පුළුවන් කියලා.

හැබැයි, එයාලා එහෙට ගිය පළවෙනි රෑම දේවල් දරුණු විදිහට වෙනස් වෙනවා.

මුලින්ම, කවුදෝ අමුතු කෙනෙක් එළියේ ඉඳන් එයාලට කරදර කරනවා. ඒක ටිකෙන් ටික බරපතල වෙනවා. මාස්ක් දාගත්ත අභිරහස් මිනීමරුවෙක්, මේ දෙන්නව මරන්න පන්නනවා. මේ පාළු ගෙදර, උදව්වට කවුරුවත් නැති තැනක මේ යාලුවෝ දෙන්නා තනි වෙනවා.

මුළු රෑම එයාලට සිද්ධ වෙන්නේ මේ මිනීමරුවගෙන් බේරෙන්න දරුණු සටනක් දෙන්න. ඇයි මේ මිනීමරුවා මේ දෙන්නවම හොයාගෙන ආවේ? එයාලට මේ රෑ එළිවෙනකම් ජීවත් වෙන්න පුළුවන් වෙයිද?

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ John Hyams. ‘Scream’ ෆිල්ම් සීරීස් එකේ ලියපු Kevin Williamson තමයි මේකෙත් කතාව ලියලා තියෙන්නේ. ප්‍රධාන චරිත විදිහට Gideon Adlon (පාකර්) සහ Bethlehem Million (මිරී) රඟපානවා. කුතුහලයෙන්, බයෙන් බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.