
Sleight (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේකේ ප්‍රධාන චරිතේ තමයි ‘බෝ’. එයා පොඩි කාලේ ඉඳන්ම දක්ෂ විද්‍යා ශිෂ්‍යයෙක්. හැබැයි අම්මා නැති උනාට පස්සේ එයාට සිද්ධ වෙනවා එයාගේ පොඩි නංගි ගැන බලන්න. ඉතින් ඒකට සල්ලි හොයන්න දවල්ට ලොස් ඇන්ජලීස් වීදිවල මැජික් ට්‍රික්ස් කරනවා. රෑට… ටිකක් අවදානම් වැඩකට අත ගහනවා. ඒ තමයි ඩ්‍රග්ස් විකුණන එක.
බෝගේ මැජික් ට්‍රික්ස් හරිම ස්පෙෂල්. එයාගේ අතේ තියෙන රහසක් නිසා එයාට පුළුවන් පොඩි ලෝහ වර්ග පාලනය කරන්න.
කොහොම හරි මේ ඩ්‍රග්ස් විකුණන වැඩේ ටිකෙන් ටික බෝව අමාරුවේ දානවා. එකපාරටම එයාගේ ලොක්කා එක්ක ඇති වෙන ගැටුමක් නිසා නංගිව පැහැරගන්නවා.
දැන් බෝට කරන්න වෙන්නේ එක දෙයයි: එයාගේ මැජික් හැකියාවයි, විද්‍යා දැනුමයි උපරිමයෙන් පාවිච්චි කරලා, මේ භයානක උවදුරෙන් ගැලවෙන්න.
එයාට පුළුවන් වෙයිද මේ අමාරු උගුලෙන් මිදෙන්න? එයාගේ “මැජික්” එක ඇත්තටම එයාගේ ජීවිතේ බේරගන්න බලවේගයක් වෙයිද? ඒක දැනගන්න ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.
