
Solaris (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි
කතාව පටන් ගන්නේ ඩොක්ටර් ක්‍රිස් කෙල්වින් කියන මනෝ විද්‍යාඥයාගෙන්. එයා ඉන්නේ ලොකු දුකකින්, මොකද එයාගේ වයිෆ් රෙයා නැති වෙලා.
ඔන්න දවසක් කෙල්වින්ට ආරාධනාවක් එනවා, අද්භූත සෝලාරිස් (Solaris) ග්‍රහලෝකය වටේ යන ස්පේස් ස්ටේෂන් එකකට යන්න කියලා. එහෙ ඉන්න විද්‍යාඥයෝ ටිකක් අමුතු විදියට හැසිරෙනවලු. කෙල්වින්ට මේ මිෂන් එක බාර දෙන්නේ, මොකද ස්ටේෂන් එකේ ඉන්න කෙනෙක් එයාගේ යාළුවෙක්.
කෙල්වින් ස්ටේෂන් එකට යනකොට දකිනවා, එහෙ ඉන්න අය ගොඩක් බය වෙලා, අවුල් වෙලා ඉන්නේ. සිද්ධ වෙන්නේ මොකක්ද කියලා හරියටම කාටවත් කියන්න බැහැ.
ඊට පස්සේ තමයි ආතල්ම දේ වෙන්නේ!
කෙල්වින්ට එක රැයකින් පස්සේ දකින්න ලැබෙනවා එයාගේ නැති වෙච්ච වයිෆ් රෙයාව. එයා ජීවමානයි, කෙල්වින්ට ආදරෙයි. හැබැයි මේක ඇත්තටම රෙයාද? නැත්නම් මේ අමුතු ග්‍රහලෝකයේ බලපෑමෙන් කෙල්වින්ගේ මතකයන්ගෙන් මවාගත්තු කෙනෙක්ද?
ස්ටේෂන් එකේ අනිත් අයටත් ඒ විදියටම තමන්ගේ අතීතයේ කිට්ටු අය, නැති වුණ අය, ආයෙත් මුණගැහෙනවා. මේ අය ඇවිත් තියෙන්නේ සෝලාරිස් ග්‍රහලෝකයෙන්.
දැන් ප්‍රශ්නේ මේකයි: මේ අයව විනාශ කරන්න ඕනෙද, නැත්නම් මේ අයව පිළිගන්න ඕනෙද? මේ අය ඇත්තටම කවුද? කෙල්වින් තීරණයක් ගන්න ඕනේ – එයා ආදරේ කරන මේ කෙනා ඇත්ත නොවුණත්, එයාට එයා නැතුව ඉන්න පුළුවන්ද?
ගමන ඉවර වෙන්නේ අපිට හිතාගන්න බැරි තැනකින්. ඇත්තටම කෙල්වින්ට ආපහු පෘථිවියට යන්න පුළුවන් වුණාද? නැත්නම් එයා තෝරාගත්තේ අලුත් යථාර්ථයක්ද? ඒක බලලාම දැනගන්නකෝ!
