Image Not Found

Southpaw (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි

දැන් බලන්න, මේ කතාව යන්නේ බොක්සිං ලෝකයේ ඉන්න සුපිරිම චැම්පියන් කෙනෙක් වටේට. නම, බිලී “ද ග්‍රේට්” හෝප්. මිනිහාට තියෙන්නේ ලස්සන පවුල් ජීවිතයක්, සල්ලී, ජනප්‍රියත්වය… හැමදේම.

හැබැයි එකම එක අවාසනාවන්ත සිද්ධියකින් එයාගේ මුළු ලෝකෙම උඩු යටිකුරු වෙනවා. ගෑණි නැති වෙනවා, දුවව දරුවන්ගේ සුරක්ෂිත සේවාවට අරන් යනවා, තිබුණු හැමදේම නැති වෙනවා.

දැන් බිලී අසරණයි. එයාට ඉතුරු වෙන්නේ තනිකරම බිංදුවයි. එයාට ආපහු හැමදේම දිනාගන්න ඕනේ, විශේෂයෙන්ම එයාගේ දුවව. ඒකට තියෙන එකම පාර තමයි ආපහු බොක්සිං රින්ග් එකට යන එක.

හැබැයි මේ පාර සටන් කරන්නේ චැම්පියන්ශිප් එකකට විතරක් නෙවෙයි. එයා සටන් කරන්නේ එයාගේ ජීවිතේ වෙනුවෙන්! එයාගේ තිබුණු මුරණ්ඩු ස්ටයිල් එක අත ඇරලා, අලුත් ට්‍රේනර් කෙනෙක් එක්ක සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක් වෙන්න එයාට පුලුවන් වෙයිද?

අන්තිමට එයාට එයාගේ දුවව ආපහු ගන්න පුළුවන් වෙයිද? ඒක බලන්න ඕනේ ඔයාලමයි!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.