
Spectral (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි
Spectral (2016) කියන පට්ටම ෆිල්ම් එකේ කතාව. මේක Netflix එකේ ආපු සුපිරිම Sci-Fi, Action, Thriller මූවී එකක්.
මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nic Mathieu. ප්‍රධාන චරිත විදිහට අපි හැමෝම දන්න James Badge Dale (ක්ලයින් විදිහට), Emily Mortimer සහ Bruce Greenwood වගේ දක්ෂ නළු නිළියන් සෙට් එකක් ඉන්නවා.
මේ සිද්ධිය වෙන්නේ යුද්ධයකින් විනාශ වෙලා තියෙන මෝල්ඩෝවා (Moldova) කියන රටේ. ඇමරිකානු හමුදාව මේ රටේ මෙහෙයුම් කරද්දී එයාලට හරි පුදුම දෙයකට මුහුණ දෙන්න වෙනවා. හමුදා සෙබළු දාගෙන ඉන්න විශේෂ ඇස් කණ්ණාඩි (Goggles) වලට විතරක් පේන, ඇහැට දකින්න බැරි අමුතුම සතුරු බලවේගයක් මෙයාලට පහර දෙනවා. මේ දේවල් හරියට අවතාර වගේ. වෙඩි තිබ්බට මැරෙන්නේ නෑ, බිත්ති හරහා යන්න පුළුවන්. හැබැයි මේ “අවතාර” අතින් මැරෙන සෙබළුන්ගේ ඇතුළත ඉන්ද්රියයන් අයිස් වගේ මිදිලා තමයි මැරෙන්නේ.
මේ අභිරහස විසඳන්න එනවා ‘ක්ලයින්’ කියලා විශේෂඥ විද්‍යාඥයෙක්. එයා මුලින් හිතන්නේ මේක අලුත් තාක්ෂණික ආයුධයක් වෙන්න ඇති කියලා. හැබැයි එයා හිතන දේ වැරදියි කියලා එයාට ඉක්මනටම තේරෙනවා. සම්ප්‍රදායික තුවක්කු, බෝම්බ මොකුත් මේ අත්භූත සතුරන්ට වැඩ කරන්නේ නෑ.
ඉතින් මේ සෙබළුන්ට මේ අත්භූත බලවේගයෙන් බේරෙන්න පුළුවන් වෙයිද? මේ ඇත්තටම හොල්මන්ද? නැත්නම් ඊටත් වඩා භයානක විද්‍යාත්මක පරීක්ෂණයක්ද? මේ ප්‍රශ්න ටිකට උත්තර දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
