
Spider (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි
‘Spider’ (2002) කියන්නේ බලන කෙනාව ටිකක් නෙවෙයි, හොඳටම අවුල් කරන, පට්ටම සයිකොලොජිකල් ත්‍රිලර් (Psychological Thriller) එකක්. මේක බලලා ඉවර වුණාමත් ඔළුවේ වැඩ කරන ජාතියේ එකක්.
මේකේ අධ්‍යක්ෂකවරයා තමයි ඩේවිඩ් ක්‍රොනෙන්බර්ග් (David Cronenberg). ප්‍රධාන චරිතෙ ‘ස්පයිඩර්’ විදියට සුපිරි රංගනයක් දෙන්නේ රේෆ් ෆයින්ස් (Ralph Fiennes). ඊට අමතරව මිරැන්ඩා රිචඩ්සන් (Miranda Richardson) සහ ගේබ්‍රියල් බර්න් (Gabriel Byrne) රංගනයෙන් දායක වෙනවා.
කතාවේ ප්‍රධාන චරිතය තමයි ඩෙනිස් ක්ලෙග්, හැබැයි හැමෝම කියන්නේ ‘ස්පයිඩර්’ කියලා. මෙයා අවුරුදු ගාණක් මානසික රෝහලක ඉඳලා, යම්කිසි සුවයක් ලබලා (කියලා හිතාගෙන) එළියට එනවා. එයාව නතර කරන්නේ එයා පොඩි කාලේ හැදී වැඩුණු පැරණි ලන්ඩන් නගරයේම තියෙන අබලන් නවාතැනක (halfway house).
මෙයා මේ නවාතැනේ ඉඳන් එයාගේ පරණ මතකයන් අවුස්සගන්න පටන් ගන්නවා. එයා පොඩි කාලේ වුණු දරුණු සිදුවීමක් එයාගේ ඔළුවේ තියෙනවා.
එයාට මතක විදියට, එයාගේ තාත්තා (ගේබ්‍රියල් බර්න්) එයාගේ ආදරණීය අම්මව (මිරැන්ඩා රිචඩ්සන්) මරලා දාලා, ඒ වෙනුවට අම්මව වගේම පේන, හැබැයි හරිම නරක ගතිගුණ තියෙන වෙන ගෑණු කෙනෙක්ව (ඒ චරිතෙත් කරන්නේ මිරැන්ඩාමයි) ගෙදර ගෙනාවා.
හැබැයි… ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මෙතන. ස්පයිඩර් කියන්නේ හරි සිහියෙන් ඉන්න කෙනෙක් නෙවෙයි. එයාගේ ඔළුව ගොඩක් අවුල්. ඉතින්, එයාට මතක දේවල් ඇත්තටම වුණාද? එයා දකින දේවල් ඇත්තද? එදා ඇත්තටම මොකක්ද වුණේ? නැත්නම් මේ හැමදේම ස්පයිඩර්ගේ ඔළුව ඇතුළේ නිර්මාණය වුණු බොරුවක්ද?
