
Step Up 3D (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි
“Step Up 3D” කියන්නේ 2010 ආපු, ඩාන්ස් වලටම වෙන්වුණු සුපිරි ෆිල්ම් එකක්. මේක අධ්යක්ෂණය කළේ Jon M. Chu. ප්රධාන චරිත කරන්නේ Rick Malambri (ලූක් විදිහට) සහ Sharni Vinson (නටාලි විදිහට).
කතාව යන්නේ නිව් යෝර්ක් නගරයේ ඉන්න පට්ට දක්ෂ ‘ස්ට්රීට් ඩාන්සර්’ කෙනෙක් වටා. එයාගේ නම ලූක්. ලූක්ට එයාගේ ඩාන්සින් ටීම් එක (House of Pirates) එකතු වෙන තැන, ඒ කියන්නේ එයාලගේ ගෙදර වගේ තියෙන ‘ක්ලබ්’ එක නැතිවෙන්නයි යන්නේ. ලොකු ණයක හිරවෙලා ඉන්න ලූක්ට මේ තැන බේරගන්න තියෙන එකම විදිහ තමයි, ලෝකයේ ලොකුම ඩාන්සින් තරඟයක් වන “වර්ල්ඩ් ජෑම්” (World Jam) එක දිනන එක.
මේ අතරේ තමයි ලූක්ට අහම්බෙන් නටාලිව හම්බවෙන්නේ. එයත් පිස්සු හැදෙන ඩාන්සර් කෙනෙක්. ලූක් එයාව ටීම් එකට ගන්නවා, තරඟෙ දිනන්න එයා ලොකු උදව්වක් වෙයි කියලා හිතාගෙන.
ඒත් ලූක් නොදන්න දෙයක් තියෙනවා. නටාලි කියන්නේ එයා හිතන කෙනාමද? එයාගේ ලොකුම හතුරා, අනිත් ටීම් එකේ ලීඩර්, නටාලිගේ කවුරු වෙන්න පුළුවන්ද? නටාලිගේ රහස එළිවුණාම ලූක්ගේ ටීම් එකට මොනවා වෙයිද? එයාලට මේ හැම ප්රශ්නයක්ම දරාගෙන, ලෝකෙම ඉස්සරහා ‘වර්ල්ඩ් ජෑම්’ එක දිනන්න පුළුවන් වෙයිද?
