Image Not Found

Stick Man (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේ චිත්‍රපටයේ කේන්ද්‍රීය චරිතය තමයි ස්ටික් මෑන් (Stick Man). එයා එයාගෙ ආදරණීය පවුලත් එක්ක ගහක හැදිච්ච නිවසක හරිම සතුටින් ජීවත් වෙනවා.
දවසක් එයා උදේට දුවන්න ගිහින්, අනපේක්ෂිත විදිහට පවුලෙන් වෙන්වෙලා දුර ගමනක් යන්න සිද්ධ වෙනවා.

එයාට හිතාගන්න බැරි තරම් අමුතු, වල් වික්‍රම රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ගමනේදී ස්ටික් මෑන්ට නොයෙකුත් අභියෝග එල්ල වෙනවා.

මුලින්ම බලන කෙනෙකුට ස්ටික් මෑන්ව පෙනෙන්නේ නිකම්ම නිකම් පොල්ලක් වගේ. අහිංසක බල්ලෙක් එයාට සෙල්ලම් කරන්න පොල්ලක් විදිහට පාවිච්චි කරනවා. ඊට පස්සෙ නපුරු හංසයෙක් එයාට කූඩුවක් හදන්න පාවිච්චි කරනවා.

කොච්චර වික්‍රම, අවිචාරවත් වැඩ වලට මුහුණ දුන්නත්, ස්ටික් මෑන්ගේ එකම අරමුණ වෙන්නේ ආපහු ගෙදර යන්න. පවුල එක්ක වෙන්න! විශේෂයෙන්ම නත්තලට කලින්!

ස්ටික් මෑන් හිතනවා වගේ එයාට ගෙදර යන්න ලේසි වෙයිද? අතරමගදී එයාට මුණගැහෙන විශේෂ චරිතය කවුද? එයාට ගෙදර යන්න උදව් කරයිද?

මේ කතාවේ අවසානය මොන වගේ වෙයිද? ස්ටික් මෑන්ගේ පවුලට මොකද වෙන්නේ? දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download and online watch
online නැරඹීමේදී ඉතා වේගවත් ලෙස ලෝඩින් වීම සහ එක දිගට බාධාවකින් තොරව නැරඹිය හැකි විම
සිංහල උපසිරසි සමග නැරඹීමට හැකිවීම සහ භාගත කිරීම ඇති පහසුව
📥 Direct download