
Still/Born (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Brandon Christensen විසින්. ප්‍රධාන චරිතය විදිහට Mary කියන අම්මගේ චරිතයට රඟපාන්නේ Christie Burke. ඒ වගේම Jesse Moss තාත්තාගේ චරිතයට පණ පොවනවා.
මේ කතාව ගලාගෙන යන්නේ Mary කියන අලුත් අම්මා කෙනෙක් වටා. එයාට නිවුන් දරුවො ලැබෙන්න ඉඳලා, අවාසනාවන්ත විදිහට දරු ප්‍රසූතියේදී එක දරුවෙක් නැති වෙනවා. ඉතුරු වුණු බබාට එයා ‘Adam’ කියලා නම දානවා. ඉතින් මේ දුකත් එක්කම Mary තමන්ගේ ජීවිතේ අලුතින් පටන් ගන්න හදනවා. හැබැයි එයාට නිකන් අමුතු අමුතු දේවල් දැනෙන්න ගන්නවා.
එයාට හිතෙන්නේ මොකක් හරි අදෘශ්‍යමාන බලවේගයක් එයාගේ ඉතුරු වුණු දරුවා, ඒ කියන්නේ Adam ව එයාගෙන් උදුරගන්න බලන් ඉන්නවා කියලා. එයා රෑට බබාගේ කාමරේ ළඟ සද්ද අහනවා, බේබි මොනිටර් එකෙන් අමුතු රූප දකිනවා. මුලින්ම හැමෝම හිතන්නේ එයා දරුවෙක් නැති වුණු දුකට මානසිකව වැටිලා, මේවා හිතින් මවාගන්න දේවල් කියලා. එයාගේ මහත්තයා වුණත් එයා කියන දේ විශ්වාස කරන්නෙ නෑ.
ඒත් Mary ට දැනෙනවා මේක නිකන් හිතලුවක් නෙවෙයි කියලා. දරුවා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්ති මේ අම්මා, තමන්ගේ දරුවව මේ අදෘශ්‍යමාන යක්ෂයාගෙන් බේරගන්න පුදුම සටනක් දෙනවා. ඇත්තටම එතන යක්ෂයෙක් ඉන්නවද? නැත්නම් මේ ඔක්කොම Mary ගේ මනස්ගාතයක්ද? අන්තිම වෙනකම්ම කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක් මේක.
