Image Not Found

Stormbreaker (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි

අපේ කතා නායකයා තමයි ඇලෙක්ස් රයිඩර්. එයා තාමත් පාසල් යන කොල්ලෙක්. එයා හැදී වැඩෙන්නේ එයාගේ මාමා එක්ක. මාමා කියන්නේ බැංකු කළමනාකරුවෙක් කියලා තමයි හැමෝම දැනගෙන හිටියේ.

එක දවසක් මේ මාමා හදිසියේම මැරෙනවා. ඒත් ඇලෙක්ස්ට දැනෙනවා මේ මරණය පිටිපස්සේ අමුතුම රහසක් තියෙනවා කියලා. හොයලා බලද්දී, අම්මෝ! මාමා බැංකු කළමනාකරුවෙක් නෙවෙයි, එයා රහස් පරීක්ෂකවරයෙක්, ඒ කියන්නේ MI6 ඒජන්තවරයෙක්.
දැන් ඇලෙක්ස්, මාමාගේ අඩිපාරේ යන්න වෙනවා. MI6 එකෙන් එයාට බල කරනවා. ඒජන්තවරු පුහුණු කරන තැනකට ගිහින් පුහුණුව ලබනවා. එතකොන් තියෙන්නේ එයාගේ පලමු මෙහෙයුම.

මෙහෙයුම මොකක්ද දන්නවද? ඩේරියස් සේල් (Darrius Sayle) කියන කෝටිපති ව්‍යාපාරිකයා එංගලන්තේ හැම පාසලකටම අලුත්ම සුපිරි පරිගණක පද්ධතියක් වන ‘ස්ටෝම්බ්‍රේකර්’ (Stormbreaker) නොමිලේ දෙන්න හදනවා. හැමෝම හිතන්නේ එයා දයාබර කෙනෙක් කියලා.

ඒත් MI6 හිතන්නේ මේක පිටිපස්සේ මොකක් හරි නපුරු සැලැස්මක් තියෙනවා කියලා. ඇලෙක්ස්ට සිද්ධ වෙනවා ජයග්‍රාහී ශිෂ්‍යයෙක් විදිහට පෙනී ඉඳලා මේ කෝටිපතිගේ කඳවුරට රහසිගතව යන්න.

ඊටපස්සේ තමයි ඇත්තම දේ හෙළිවෙන්නේ. මේ පරිගණක පද්ධතිය හොඳ දෙයක් නෙවෙයි. මේකෙන් වෙන්න යන්නේ හරිම භයානක විනාශයක්. ඩේරියස් සේල්ගේ ඇත්තම අරමුණ…
ඇලෙක්ස්ට පුළුවන් වෙයිද මේ දැවැන්ත සැලැස්ම නවත්තලා, රටේ ඉන්න හැම ළමයෙක්වම බේරගන්න? මේ තනියම සටන් කරන පොඩි කොල්ලට මුහුණ දෙන්න වෙන අනතුරු මොනවද? කතාව බලන්න. එතකොට දැනගන්න පුළුවන්.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.