Image Not Found

Sultan (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි

සුල්තාන් (Sultan) කියන්නේ බොලිවුඩ් සිනමාවේ ආපු, හැමෝගෙම හිත් හොරකම් කරපු සුපිරිම ක්‍රීඩා සහ ආදර කතාවක් කිව්වොත් හරි. ඔයාලා සල්මන් ඛාන්ගේ ෆිල්ම්ස් බලන්න ආස කෙනෙක් නම් මේක අනිවාර්යයෙන්ම බලලා ඇති, නැත්නම් අදම බලන්න. කතාවේ ප්‍රධාන චරිතය තමයි සුල්තාන් අලි ඛාන්. එයා හර්යානා ප්‍රාන්තයේ ඉන්න කිසිම අරමුණක් නැතුව, සරුංගල් යව යවා කාලය නාස්ති කරන සාමාන්‍ය තරුණයෙක්. හැබැයි මෙයාට ඒ ගමේ ඉන්න ආර්ෆා කියන දක්ෂ මල්ලවපොර ක්‍රීඩිකාව ගැන ආදරයක් ඇති වෙනවා.

ආර්ෆා කියන්නේ තමන්ගේ ජීවිතේට ලොකු අරමුණක් තියෙන, ඔලිම්පික් යන්න හීන දකින කෙල්ලෙක්. එයා සුල්තාන්ගේ මේ අරමුණක් නැති ජීවිතේට කැමති වෙන්නේ නැහැ. ඉතින් ආර්ෆාගේ හිත දිනාගන්න ඕන නිසාම, සුල්තාන් තීරණය කරනවා තමන්ගේ ජීවිතය වෙනස් කරගෙන මල්ලවපොර ක්‍රීඩකයෙක් වෙන්න. පුදුම කැපවීමකින් සහ මහන්සියකින් සුල්තාන් ලෝක ප්‍රසිද්ධ මල්ලවපොර ශූරයෙක් වෙනවා. හැබැයි සාර්ථකත්වයත් එක්කම එයාගේ හිතට ලොකු ආඩම්බරයක් එනවා. ඒ ආඩම්බරය නිසාම එයාගේ ආදරය, පවුල් ජීවිතය වගේම හැමදේම එයාගෙන් ගිලිහිලා යනවා.

හැමදේම නැති වෙලා අසරණ වෙන සුල්තාන්ට ආපහු නැගී සිටින්න පුළුවන් වෙයිද? තමන්ගේ වැරදි හදාගෙන ආයෙත් වතාවක් රින්ග් එක ඇතුළට ඇවිත් ලෝකය ජය ගන්න එයාට පුළුවන් වෙයිද? ආදරය, වෛරය, කැපවීම සහ ජීවිතේ බිඳ වැටීම් ගැන කතා කරන මේ සුපිරි ෆිල්ම් එක ඔයාලගේ ඇස් වලට කඳුළු උනන එක නන් අනිවාර්යයි. සිනමා ශාලාවක ඉදගෙන බලනවා වගේම කුතුහලයකින් සහ හැඟීම්බරව බලන්න පුළුවන් ලස්සනම හින්දි චිත්‍රපටියක් තමයි මේක. මේ චිත්‍රපටයේ එන සිංදු වගේම සටන් ජවනිකාත් මාරම ලස්සනට කරලා තියෙනවා. තමන්ගේ ජීවිතේ පරාද වුණු ඕනෑම කෙනෙක්ට ආපහු නැගිටින්න ලොකු ගැම්මක් ගන්න පුළුවන් කතාවක් මේකේ තියෙන්නේ. අනුෂ්කා ෂර්මා සහ සල්මන්ගේ රංගන දක්ෂතාවය මේ කතාවට වෙනස්ම පණක් දීලා තියෙනවා. ඉතින් තවමත් බලලා නැත්නම් අදම අරන් බලන්න කියලා මං ආරාධනා කරනවා.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download
📥 Direct download
online watch
watch