
Summerland (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ‘ඇලිස්’ විදිහට ඉන්නේ අපි කවුරුත් දන්න Gemma Arterton. පොඩි ළමයාගේ චරිතයට Lucas Bond පණ පොවනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jessica Swale විසින්.
මේක හරිම ලස්සන, හිතට දැනෙන කතාවක්. කතාව සිද්ධ වෙන්නේ දෙවෙනි ලෝක යුද්ධ කාලේ. ඇලිස් කියන්නේ එංගලන්තේ මුහුද අයිනේ තනියම ජීවත් වෙන ලේඛිකාවක්. එයා ටිකක් අමුතු, කේන්ති යන, කා එක්කවත් වැඩිය ඇසුරු නොකරන චරිතයක්. කෙටියෙන්ම කිව්වොත් එයාට ළමයි පේන්න බෑ. තමන්ගේ පාඩුවේ පොත් ලිය ලිය ඉන්න එක තමයි එයාගේ විනෝදාංශය.
ඔන්න එකපාරටම එයාගේ නිදහස නැති වෙනවා. ලන්ඩන් වල යුද්දේ නිසා ආරක්ෂාවට එවන පොඩි ළමයෙක්ව (ෆ්‍රෑන්ක්ව) ඇලිස්ගේ ගෙදර නවත්වන්න රජයෙන් තීරණය කරනවා. ඇලිස් මේකට කැමතිම නෑ. එයා මුල ඉඳන්ම උත්සාහ කරන්නේ කොහොම හරි මේ කොල්ලව ආපහු යවන්න. මොකද ෆ්‍රෑන්ක් හරිම දඟයි, ඒ වගේම හරිම කුතුහලයෙන් පිරුනු ළමයෙක්.
ඒත් ටික කාලයක් යද්දී නොහිතපු විදිහට මේ ගල් හිතක් තියෙන ගැහැණු කෙනයි, මේ පුංචි කොල්ලයි අතරේ පුදුම බැඳීමක් ඇති වෙන්න ගන්නවා. හැබැයි කතාව එතනින් ඉවර නෑ. ඇලිස්ට කාටවත් නොකියපු අතීත රහසක් තියෙනවා. ඒ අතීතය මේ පොඩි කොල්ලට සම්බන්ධද? ඇත්තටම ඇලිස් ඇයි මෙච්චර තනියම ඉන්න කැමති?
මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න නම්, ඇස් දෙකේ කඳුලු පුරෝගෙන බලන්න පුළුවන් මේ ලස්සන ෆිල්ම් එක ඔයා බලන්නම වෙනවා.
