
Super 8 (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි
Super 8 (සුපර් 8)
නළු නිළියන් සහ අධ්‍යක්ෂණය: මේ සුපිරි නිර්මාණය J.J. Abrams ගේ අධ්‍යක්ෂණයක්. ඒ වගේම ප්‍රවීණ අධ්‍යක්ෂක ස්ටීවන් ස්පිල්බර්ග් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ප්‍රධාන චරිත වලට Joel Courtney (ජෝ) සහ Elle Fanning (ඇලිස්) වගේම Kyle Chandler දායක වෙනවා.
මේක වෙන්නේ 1979 අවුරුද්දේ. පොඩි යාලුවෝ සෙට් එකක් එකතු වෙලා තමන්ගේම කියලා ෆිල්ම් එකක් හදන්න ට්‍රයි කරනවා. මේක එයාලගේ පිස්සුවක් කිව්වොත් හරි. දවසක් රෑ මේ කට්ටිය කාටත් හොරෙන් රූගත කිරීමක් කරන්න කෝච්චි ස්ටේෂන් එකකට යනවා.
ඔන්න එතකොට තමයි වැඩේ වෙන්නේ. වේගෙන් ආපු කෝච්චියක් පීලි පැනලා ලොකු අනතුරක් වෙනවා. හැබැයි මේක නිකන්ම ඇක්සිඩන්ට් එකක් නෙවෙයි කියලා මේ ළමයින්ට තේරෙනවා. කෝච්චියේ තිබුණු අමුතු පෙට්ටියකින් “මොකක් හරි දෙයක්” එළියට පනිනවා මේ අය දකිනවා.
වැඩි වෙලාවක් යන්න කලින් හමුදාවෙන් ඇවිත් මුළු ටවුන් එකම අල්ලගන්නවා. ඊට පස්සේ ටවුන් එකේ අමුතු දේවල් වෙන්න ගන්නවා. ගෙවල් වල ඉන්න බල්ලෝ අතුරුදහන් වෙනවා, මිනිස්සු අතුරුදහන් වෙනවා, විදුලිය විසන්ධි වෙනවා. හමුදාව ලොකු රහසක් හංගන බව මේ පොඩි යාලුවො ටිකට තේරෙනවා.
ඇත්තටම අර කෝච්චියෙන් එළියට ආවේ මොකක්ද? අර ළමයි ෂූට් කරපු කැමරාවේ මේ සිද්ධිය රෙකෝඩ් වෙලා තියෙයිද? මේ කුතුහලය පිරුණු ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. Adventure, Sci-fi කැමති අයට පට්ටම ෆිල්ම් එකක්!
